චමරිගේ හිස්තැනට හර්ෂිතා

 


චමරිගේ හිස්තැනට හර්ෂිතා 

චමරි අතපත්තු එංගලන්තයේ ක්‍රියාත්මක සුපිරි ක්‍රීඩිකාවන් සහභාගි වන The Hundred Women’s competition තරගාවලියට කැඳවා ඇති නිසා මේ තරගාවලියේ විස්සයි විස්ස තරගවලදී ශ්‍රී ලංකාව මෙහෙයවීම බොහෝ විට හර්ෂිතා සමරවික්‍රමට පැවරෙනු ඇතැයි විශ්වාස කෙරේ.

මේ සංචාරයේ දී උප නායක කියා තනතුරක් නම් කර තිබුණේ නැතත්,අවසාන අවස්ථාවේදී උප නායක ලෙස කටයුතු කර ඇත්තේ හර්ෂිතා නිසා චමරිගෙන් හිස් වන නායකත්වය හර්ෂිතා වෙත පැවරීමට බොහෝ  දුරට ඉඩ ඇත.චමරිගෙන් හිස් වන කොටස පිරවිම පහසු නැති වුව ද,මේ මොහොතේ දී චමරි මෙන්ම,හර්ෂිතා,නිලක්ෂි,හසිනි,විශ්මි සහ කවීශා ද පිතිකරණයෙන් මේ වන විට ගොඩ නඟාගෙන තිබෙන විශ්වාසය චමරිගේ අඩුව පිරවීමට වැදගත් වෙනු ඇත.ඒ වගේම අතිරේක කඩුලු රකින්නිය ලෙස කණ්ඩායමට එකතු වෙන කව්ශීනී නෘත්‍යංගනා තවමත් සිය පිතිකරණයෙන් වැඩ පෙන්වන්නට අපොහොසත්ව සිටින්නී වුව,ඇය පිතිකාරිණියක ලෙස ඉහළ මට්ටමක සිටියි.

ශ්‍රි ලංකා කාන්තා කණ්ඩායමේ අයර්ලන්ත සංචාරයේ පළමු විස්සයි විස්ස තරගය අගෝස්තු 11 වන දා ඩබ්ලින් හී ද ආරම්භ වෙනු ඇත.