පළමු සරණාගත බොක්සිං ක්‍රීඩිකාව පළමුවෙන් පදක්කමක් දිනූ සරණාගත බොක්සිං ක්‍රීඩිකාව ලෙස ඔලිම්පික් ඉතිහාසයට...
ඔලිම්පික් තරගාවලියක් නියෝජනය කරන්නට බොක්සිං ක්‍රීඩාවෙන් පළමු වරට සුදුසුකම් ලැබූ සරණාගත ක්‍රීඩිකාව වන සින්ඩි එන්ගම්බා කිලෝ ග්‍රෑම් 75 බර පංතියේ ලෝකඩ පදක්කම දිනා ගත්තාය.ඒ පළමු සරණාගත බොක්සිං ක්‍රීඩිකාව ලෙස ඔලිම්පික් නියෝජනයට පැමිණි ඈ, පළමුවෙන් පදක්කමක් දිනූ සරණාගත බොක්සිං ක්‍රීඩිකාව ලෙස ඔලිම්පික් ඉතිහාසයට එක්වෙමින්ය. අවසාන පූර්ව තරයේ දී,25 හැවිරිදි සින්ඩි පරාජයට පත් වූයේ ඇයට වඩා වසර 10 ක් වැඩිමහල් පැනමා ක්‍රීඩිකාවක වන බයිලොන් ඇතීනා ට ය.ප්‍රතිපලය සටහන් වූයේ 4-1 ක් ලෙසය.
කැමරුන් දේශයේ උපන්න ද එහි වාතාවරණය මත එංගලන්තයට සංක්‍රමණය වන සින්ඩි,වරක් එංගලන්තයේ නීත්‍යානූකූලව රැදී නොසිටීමේ වරදට පිටුවහල් කිරීමට සුදානම් වුව ද,එය වැළකී ගියේ ඇය ඒ වන විට සමරිසි කාන්තාවක ලෙස හඳුනාගැනීම නිසාය.
සමරිසි කමට එංගලන්තය අනුග්‍රහය දැක්වීම ඇයව පිටුවහල් නොකිරීමේ හේතුව නොවිණි.එහෙත් කැමරුන් එම අනන්‍යතාවය නොපිළිගන්නා සහ ඒ සඳහා දැඩි දඬුවම් දෙන රටක් වූ නිසා එංගලන්තය ප්‍රජාතන්ත්‍රවාදී ආකාරයට මිනිසුන්ගේ විවිධ අනන්‍යතාවයන්ට ගරු කරන රටක් ලෙස සින්ඩි පිටුවහල් නොකිරීමට තීරණය කළේය.
ඒ නිසා එංගලන්තයේ සරණාගත බිමක රැදී සිටින අතරේ ඇය වඩාත් කැමති බොක්සිං ක්‍රීඩාවේ නියැලෙමින් ඉදරියට පැමිණ තිබෙන අතර ඇය පිටුවහල් කිරීමට උත්සාහ කළ අවස්ථාවට ප්‍රථමවද,බොක්සිං සමඟ බැදී දක්ෂතා දක්වමින් උන්නාය.මේ වන විට ඇයට ක්‍රීඩාවට උචිත බිමක් සහ ඉඩක් ජාත්‍යන්තරයෙන් ලැබී ඇති අතර ඒ දක්ෂතාවලින් මෙවර ඇයට උරුම නොවූ රටක ධජයක්, දැක් වූ දක්ෂතා සමඟ එළැඹෙන ඔලිම්පික් වන විට එංගලන්තයෙන් ලබා දීමට ඇති ඉඩ බොහෝය.
අපි සින්ඩි එන්ගම්බා ට සුබ පතන්නෙමු.ඇය සිය හැකියාව මෙන්ම සිය අනන්‍යතාවයට ද ගරු කරන රටක ජීවත්වීම දිනා ගැනීමට සමත් වි ඇත.
Social Plugin