පැනමා ගමන තුර්කියේදී මඳකට නවතියි
පැනමා රාජ්‍යයේ ලීමා නුවරදී පැවැත්වෙන අවුරුදු විස්සෙන් පහළ ලෝක මලල ක්‍රීඩා සුරතාවලියට සහභාගී වන කණ්ඩායමෙන් කොටසකට තමන්ට නියමිත ගුවන් යානයට ගොඩවීමට නොහැකි වූ බව වාර්තා වෙනවා.තරගාවලිය ආරම්භ වන අගෝස්තු 27 වන දා පැවැත්වෙන තරගවලට සහභාගී වන ක්‍රීඩක ක්‍රීඩිකාවන් මෙසේ පිටත් කර ඇති බවත් නියමිත ගුවන් යානයට ගොඩවීමට නොහැකි වී ඇත්තේ එම පිරිසට බවත් එම වාර්තා පෙන්වා දෙනවා.
ඉතිහාසයේ අවුරුදු 20න් පහළ ලෝක මලල ක්‍රීඩා සුරතාවලියකට ශ්‍රී ලංකාවෙන් සුදුසුකම් ලැබූ වැඩිපුරම පිරිස සිටින්නේ මෙවරයි.එම වටිනාකම තේරුම් නොගෙන ඔවුන් සඳහා ගුවන් ප්‍රවේශ පත්‍ර සඳහා මුදල් ලබා නොදීමට ක්‍රීඩා අමාත්‍යාංශය තීරණය කරත්,පසුව දේශපාලන මැදිහත්වීමකින් විශාල වෙහෙසකින් පසුව එම කාරණය ඉටුකරගන්නට හැකිවුණා.
Social Plugin