ඒ නිසා තරගයේ 15 වන පන්දු ඕවරයේ දි ඉන්දීය ලකුණු පූවරුව ලකුණු 109 ක් වෙද්දී කඩුලු 3 ක් පමණක් අහිමිව පතිස්තානයට එරෙහිව කඩුලු 7 ක ජයක් ලබා ගන්නට ඉන්දියාවට හැකි විය.
කාසියේ වාසිය ලබා ගෙන පළමුව පන්දුවට පහර දුන් පකිස්තාන පිතිකාරිනියන් සිව් දෙනෙකුට පමණක් ඉලක්කම් දෙකේ සීමාවට ළඟා වන්නට ඉඩ දුන් ඉන්දීය පන්දු යවන්නියන් ඒ අතරින් පකිස්තාන පිතිකාරිණියක ලද වැඩිම ලකුණු ප්‍රමාණය සටහන් වන්නට දුන්නේ ලකුණු 25 ක් හැටියටය.ඒ භාග්‍යය ලද්දි සිද්රා අමීන් ය.
එහෙත් පකිස්තානු ඉණිම ලකුණු 100 ඉක්මවා සියල්ල දැවී ලකුණු 108 දක්වා රැඟෙන යාමට මුල් වූ ක්‍රීඩිකාවන් වූයේ ටුබා හසන් (22) සහ ෆාතිමා සනා (නොදැවී 22) පෑ දස්කම්ය.පකිස්තානු ඉණිමේ හොඳම කඩුලු සබඳතාවය වූ 7 වන කඩුල්ලට වාර්තා වූ ලකුණු 31 එකතු කරේ ඔවුන් දෙදෙනාය.දීප්තා ශර්මා ලකුණු 20 කඩුලු 3 ක් දවා ගනිමින් පකිස්තානු ඉණිමට යැඩිම බලපෑම එල්ල කළ පන්දු යවන්නිය වෙමින් තරගයේ වීරවරිය වූවාය.රේණුකා සිංග් ද පිතිකාරිිනයන්ට දැඩි තර්ජනයක් එල්ල කරමින් පන්දු ඕවර් 4 තුළ ලකුණු 14 ක් පමණක් දි කඩුලු 2 ක් දවා ගත්තාය.
- NMR
Social Plugin