තරඟයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබූ දුනිත් තම සම්මානය පියාට පුද කරයි


සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්රී ලංකාව අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ පළමු තරගයෙන් ලකුණු 19ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්රී ලංකා කණ්ඩායම ඊයේ (22) සමත් වුණා. කොළඹ ආර්. ප්රේමදාස ජාත්යන්තර ක්රිකට් ක්රීඩාංගණයේදී පැවැති මෙම තරගයේදී තුන් ඉරියව්වෙන්ම දස්කම් දැක්වූ දුනිත් වෙල්ලාලගේ තරගයේ වීරයා සම්මානයෙන් පිදුම් ලැබීය.


තරගයෙන් අනතුරුව පැවති මාධ්ය හමුවේදී අදහස් දැක්වූ දුනිත් වෙල්ලාලගේ හැඟීම්බර ප්රකාශයක් සිදු කළේය. පසුගිය ආසියානු කුසලාන තරගාවලිය අතරතුර අභාවප්රාප්ත වූ තම පියා සිහිපත් කරමින් ඔහු කියා සිටියේ, තරගයේ වීරයා ලෙස තමන් දිනාගත් සම්මානය තම පියා වෙනුවෙන් පූජා කරන බවයි.

තවද, පසුගිය කාලසීමාව පුරාවට සිය පන්දු යැවීම සහ පිතිකරණය වැඩිදියුණු කර ගැනීම සඳහා පුහුණුකරුවන් කිහිපදෙනෙකු යටතේ දැඩි කැපවීමකින් පුහුණුවීම් සිදුකළ බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේය.