ශ්‍රී ලංකා – එංගලන්ත තරගයේදී බිඳ වැටුණු වසර 41ක් පැරණි වාර්තාව

 


සංචාරක එංගලන්ත කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර අද (24) පැවැත්වෙන දෙවන එක්දින ජාත්‍යන්තර තරගයේදී සුවිශේෂී වාර්තාවක් පිහිටුවීමට එංගලන්ත දඟ පන්දු යවන්නන් සමත් විය. ඒ ජාත්‍යන්තර එක්දින තරගයකදී එංගලන්ත දඟ පන්දු යවන්නන් කණ්ඩායමක් යැවූ වැඩිම පන්දුවාර සංඛ්‍යාවේ වාර්තාවයි.

අද තරගයේදී ශ්‍රී ලංකා ඉනිම පුරා සිය ආධිපත්‍යය පැතිරවූ එංගලන්ත දඟ පන්දු යවන්නන් පන්දුවාර 40කුත් පන්දු 03ක් යැවීමට කටයුතු කළහ. මෙය එංගලන්ත එක්දින ක්‍රිකට් ඉතිහාසයේ දඟ පන්දු යවන්නන් පිරිසක් එක් ඉනිමකදී යැවූ වැඩිම පන්දුවාර ප්‍රමාණය ලෙස වාර්තා පොත් අතරට එක් විය.

මීට පෙර මෙම වාර්තාව සතු වූයේ මීට දශක හතරකට පමණ පෙර 1985 වසරේදී පිහිටුවා තිබූ වාර්තාවකටයි.

වාර්තාවපන්දුවාර සංඛ්‍යාවප්‍රතිවාදී කණ්ඩායමවසර සහ ක්‍රීඩාංගණය
නව වාර්තාව40.3ශ්‍රී ලංකාව2026 – කොළඹ
පැරණි වාර්තාව36.0පාකිස්තානය1985 – සාජා