පාකිස්තාන පිතිකරු හයිඩර් අලි අත්අඩංගුවට


පාකිස්තාන යොවුන් පිතිකරුවෙකු වන 24 හැවිරිදි හයිඩර් අලි ස්ත්‍රී දූෂණ චෝදනාවකට අදාළව එංගලන්තයේ මැන්චෙස්ටර් පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.

විදෙස් මාධ්‍ය වාර්තාවල දැක්වෙන්නේ පාකිස්තාන 'A' කණ්ඩායම පසුගිය ජූලි මාසයේ එංගලන්තයේ සිදුකළ සංචාරය අතර තුර ඔහු විසින් මෙය සිදුකර ඇති බවයි.

පාකිස්තාන ක්‍රිකට් ආයතනය මේ පිළිබඳ නිශ්චිතව දක්වා නොමැති වුවත් ඔහුගේ ක්‍රීඩා කටයුතු තාවකාලිකව අත්හිටුවීමට කටයුතු කර තිබේ.

මේ පිළිබඳව නිවේදනයක් නිකුත් කරමින් පාකිස්තාන ක්‍රිකට් ආයතනය සඳහන් කළේ එක්සත් රාජධානියේ නීතිමය ක්‍රියා පටිපාටි සහ ක්‍රියාවලීන්ට සම්පූර්ණයෙන්ම ගරු කරන බවත්, විමර්ශනය නියමිත වේලාවට ක්‍රියාත්මක වීමට ඉඩදීමේ වැදගත්කම පිළිගන්නා බවයි.

ඒ අනුව විමර්ශන අවසන් වන තෙක් අලිට තරග තහනමක් පැනවෙනු ඇත.