නවසීලන්ත කණ්ඩායම ඉතිහාසයේ ලැබූ දැවැන්තම ටෙස්ට් ජය ලබයි


බුලවායෝ හිදී සිම්බාබ්වේ සමඟ පැවති ටෙස්ට් තරගයෙන් ඉතිහාසයේ ලැබූ විශාලතම ටෙස්ට් ජය ලැබීමට සමත් විය.

ඒ සිම්බාබ්වේ කණ්ඩායම ඉනිමකින් සහ ලකුණු 359 කින් පරාජය කරමින්.

මෙම ජයත් සමඟ තරගාවලිය 2-0 කින් ජය ගැනීමට නවසීලන්ත කණ්ඩායම සමත් වුණා.

නවසීලන්තය සිය පළමු ඉනිම සඳහා කඩුලු 3ක් දැවී ලකුණු 601ක් ලබා ගැනීමෙන් අනතුරුව සිය පළමු ඉනිම අත්හිටුවීය.

සිම්බාබ්වේ දෙවෙනි ඉනිම ආරම්භයේ සිටම නවසීලන්ත පන්දු යවන්නන් කඩුලු දඩයම ආරම්භ කළා.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් සටන්කාමී ඉනිමක් දියත් කළ නික් වෙල්ච් නොදැවී ලකුණු 47ක් රැස් කළා.

පන්දුවාර 28.1කදී සිම්බාබ්වේ කණ්ඩායමේ සියලුම පිතිකරුවන් ලකුණු 117 කට දැවී ගියේය.