ශ්‍රී ලංකා කණ්ඩායමේ ප්‍රබලයෙකුට සිම්බාබ්වේ තරගාවලිය අහිමි වෙයි


ආබාධයකට ලක්ව සිටින ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩක වනිඳු හසරංගට සිම්බාබ්වේ සමග එක්දින හා T20 තරගාවලිය අහිමිව තිබේ.

මෙම ආබාධ නිසා හසරංග ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සංවිධාන කරන T20 තරගාවලියට ද එක්වන්නේ නැහැ.

ශ්‍රී ලංකා කණ්ඩායම සිම්බාබ්වේ සංචාරයේදී මෙම මස අග එක්දින තරග 3කට හා T20 තරග 3කට සහභාගිවීමට නියමිතව තිබේ.