ලෝඩ්ස් ක්‍රීඩාංගණයේ අද (10) ආරම්භ වූ එංගලන්තය හා ඉන්දියාව අතර තෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ද කාසියේ වාසිය ජයග්‍රහණය කිරීමට ඉන්දියාවට නොහැකි විය.
ඒ අනුව ඔවුන් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අඛණ්ඩව වැඩිම වාර ගණනක් කාසියේ වාසිය පරාජය වූ කණ්ඩායම ලෙස ක්‍රිකට් වාර්තා පොතේ අමිහිරි වාර්තාවකට හිමිකම් කීවේය.
ඉන්දියාව මෙම වසරේ ජනවාරි 31 සිට මේ දක්වා වූ කාලය තුළ ජාත්‍යන්තර තරග 13කදී අඛණ්ඩව කාසියේ වාසිය පරාජය වී සිටියි.
අද ඔවුන් අභිබවා යනු ලැබුවේ 1999 වසරේ පෙබරවාරි - අප්‍රේල් කාලසීමාවේ බ.ඉ. කොදෙව්වන් තරග 12ක කාසියේ වාසිය පරාජය වී තිබූ අවස්ථාවයි.
මෙහි තෙවන ස්ථානයේ එංගලන්තය සිටින අතර, ඔවුන් 2022 දෙසැම්බර් සිට 2023 මාර්තු දක්වා වූ කාලය තුළ ජාත්‍යන්තර තරග 11ක කාසියේ වාසිය පරාජය වී ඇත.

Social Plugin