ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන එක්දින තරගාවලියේ තුන්වන සහ අවසන් තරගය අද පස්වරු 2.30ට මහනුවර පල්ලෙකැලේ ක්‍රීඩාංගනයේදී ආරම්භවීමට නියමිතයි.
ශ්‍රී ලංකාව මේ දක්වා මෙරට තුළදී බංග්ලාදේශය සමගින් පැවති කිසිඳු එක්දින තරගාවලියක් පරාජයට පත් වී නැහැ.
මේ වනවිට තරගාවලිය එකට එකක් ලෙස සම තත්ත්වයේ පැවතීම හේතුවෙන් තරගාවලිය ජය ගැනීමට නම් ශ්‍රී ලංකාවට අද තරගය ජයග්‍රහණය කිරීම අනිවාර්ය වේ.
මේ සියලු කාරණා පසුබිමේ තිබියදී ශ්‍රී ලංකා කණ්ඩායමේ අවධානය යොමු වී ඇත්තේ අද තරගය සඳහා කණ්ඩායමේ සංයුතිය කුමක් විය යුතු යන්නයි.
දින දෙකක් තිස්සේ මේ සම්බන්ධයෙන් දීර්ඝ වශයෙන් සාකච්ඡා කළද ඒ සම්බන්ධයෙන් ඊයේ සවස්වන තුරුත් අවසන් තීරණයක් ගෙන නොතිබූ බව කණ්ඩායමේ පිතිහරඹ පුහුණුකරු තිළිණ කණ්ඩම්බි මහතා ඊයේ (7) සවස පැවැති මාධ්‍ය හමුවේදී කීවේය.
.jpg)
Social Plugin