ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු රැස්කරගත් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ තෙවන තැනට පැමිණීමට එංගලන්ත පිතිකරු ජෝ රූට් අද (25) සමත් වුණා.
ඒ, ඉන්දියාව සමඟ මේ වනවිට පැවැත්වෙන සිව්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදීයි.
ජෝ රූට් මේ දක්වා ටෙස්ට් ලකුණු 13290*ක් රැස්කරගෙන ඇති අතර, ඒ සඳහා ඔහු තරග 157ක් ක්‍රීඩා කර තිබෙනවා.
මීට පෙර ජාත්‍යන්තර ටෙස්ට් ක්‍රිකට් පිටියේ වැඩිම ලකුණු රැස්කරගත් පිතිකරුවන්ගේ ලැයිස්තුවේ තෙවන තැන දකුණු අප්‍රිකාවේ හිටපු තුන් ඉරියව් ක්‍රීඩක ජැක් කාලීස් පසු වුණා.
ජැක් කාලීස් ජාත්‍යන්තර ටෙස්ට් පිටියේ තරග 166ක් ක්‍රීඩා කරමින් ලකුණු 13289ක් රැස්කරගෙන තිබෙනවා.
එමෙන්ම මෙම වාර්තාවේ දෙවන ස්ථානයේ පසුවන ඔස්ට්‍රේලියාවේ රිකී පොන්ටින් අභිබවා යාමට ජෝ රෑට්ට ලබා ගැනීමට අවශ්‍ය වන්නේ තව ලකුණු 88ක් පමණි.
මෙම වාර්තාවේ පළමු ස්ථානයේ පසුවන්නේ ඉන්දීය සුපිරි පිතිකරු සචින් ටෙන්ඩුල්කාර්ය.
Social Plugin