මෙවර ආසියානු කුසලානයට කණ්ඩායම් 8ක්


2025 ආසියානු කුසලාන ක්‍රිකට් තරගාවලිය සැප්තැම්බර් 8 වනදා සිට 28 වනදා දක්වා එක්සත් අරාබි එමීර් රාජ්‍යයේදී පැවැත්වීමට නියමිත බව ඉන්දීය මාධ්‍ය වාර්තා කරනවා.

කෙසේ වෙතත් මින් පෙර වාර්තා වූයේ තරගාවලිය සැප්තැම්බර් 10 වනදා ආරම්භ වීමට නියමිත බවයි.

මෙම තරගාවලියට කණ්ඩායම් 8 ක් සහභාගී වන අතර, ඉන්දියාව, ඇෆ්ගනිස්ථානය, ශ්‍රී ලංකාව, බංග්ලාදේශය සහ පාකිස්ථානය එහි පූර්ණකාලීන සාමාජිකයන් වන අතර, ACC ප්‍රිමියර් කුසලානයේ ජයග්‍රාහකයින් වන එක්සත් අරාබි එමීර් රාජ්‍යය, හොංකොං සහ ඕමාන් අනෙක් කණ්ඩායම් තුන ලෙස එක් වීමට නියමිතයි.