ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රබල වෙනසක්! තරංගගෙන් අනාවරණයක්!


පළමු වරට බංග්ලාදේශය හමුවේ විස්සයි විස්ස තරගාවලියක් පරාජය වීමෙන් පසුව ඉදිරි සැලසුම් පිළිබඳව තේරීම් කමිටුව අවදානය යොමු කර තිබේ.

Telecom Asia Sports සමගින් සම්මුඛ සාකච්ඡාවට එක්වෙමින් තේරීම් කමිටු සභාපති උපුල් තරංග මේ බව පවසා තිබුණා.

"අපි පිතිකරණයේදී කන්සිස්ටන්ට් නෑ. අපි විවිධ සංයෝජන අත්හදා බැලුවා. නමුත් අලුත් ක්‍රීඩකයන් රැගෙන එන්න කාලය උදාවෙලා තිබෙනවා."

මෑතකාලීනව ක්‍රිකට් පිටිය තුළ දස්කම් පෑ නවක ක්‍රීඩකයන් වන පවන් රත්නායක සහ නුවනිදු ප්‍රනාන්දු පිළිබදව ද තරංග එහිදී අදහස් දක්වා තිබෙනවා.

"ඔවුන්ට අවස්ථාව උදාවෙලා තියෙනවා. අපිට මැද ඕවර් වල ශක්තිය සහ සන්සුන්භාවය අවශ්‍යයි. ජනිත් පවර් හිටර් කෙනෙක් නෙවෙයි. ඔහු හොදින් තරගය කියවන පිතිකරුවෙක්."