කුසල් මෙන්ඩිස්ගෙන් ගිණිකෙළි සංදර්ශනයක්


ශ්‍රී ලංකා කණ්ඩායමේ ආරම්භක පිතිකරු කුසල් මෙන්ඩිස් බංග්ලාදේශ පිලට එරෙහිව අර්ධ ශතකයක් වාර්තා කිරීමට අද සමත් විය.

කුසල් මෙලෙස වාර්තා කළේ සිය පන්දුවාර විස්ස ක්‍රිකට් ඉතිහාසයේ 16 වන අර්ධ ශතකයයි.

සිය අර්ධ ශතකය රැස් කිරීමට මෙන්ඩිස්ට වැය වූයේ පන්දු 31ක් පමණක් වන අතර ඔහුගේ ඉනිමට හයේ පහර 3ක් හතරේ පහර 3ක් අන්තර්ගත විය.

ශ්‍රී ලංකා කණ්ඩායමට ජ්‍යග්‍රහණයේ දොරටු විවර කළ මෙන්ඩිස් පන්දු 51කින් ලකුණු 73ක් රැස් කළේය.