දෙවන ටෙස්ට් තරගය සඳහා ශ්‍රී ලංකා සංචිතය නම් කෙරේ! සංචිතයේ වෙනස්කම් කිහිපයක්!


බංග්ලාදේශය සමග පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් තරගය සඳහා වන ශ්‍රී ලංකා සංචිතය නම් කර තිබෙනවා.

ඒ අනුව ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් එම සංචිතයට ක්‍රීඩකයින් 18 දෙනෙක් ඇතුළත් කර ඇති බවයි සඳහන් වෙන්නේ.

පළමු ටෙස්ට් තරගය සඳහා ක්‍රීඩා කළ මිලාන් රත්නායක ආබාධයක් හේතුවෙන් දෙවන ටෙස්ට් තරගයට කැඳවා නොමැති බවයි සඳහන් වෙන්නේ.

මේ අතර දෙවන ටෙස්ට් තරගය සඳහා විශ්ව ප්‍රනාන්දු හා දුනිත් වෙල්ලාලගේ ශ්‍රී ලංකා ටෙස්ට් සංචිතය සඳහා කැඳවා තිබේ.

අදාළ ටෙස්ට් සංචිතය පහතින්.