ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු ටෙස්ට් තරගය ජයපැරදුමෙන් තොරයි


තරග දෙකකින් සමන්විත බංග්ලාදේශ – ශ්‍රී ලංකා ටෙස්ට් තරගාවලියේ පළමු තරගය අද (21) ජය පැරදුමකින් තොරව නිමාවට පත් වුණා.

තරගයේ පළමු ඉනිම සඳහා බංග්ලාදේශ කණ්ඩායම ලබාගත් ලකුණු 495ට පිළිතුරු ලෙස ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිම සඳහා ලකුණු 485ක් ලබාගත්තේය.

තරගයේ දෙවනි ඉනිම සඳහා බංග්ලාදේශ කණ්ඩායම කඩුලු 06 කට ලකුණු 285ක් ලබා සිටියදී ඉනිම අත්හිටුවීමත් සමග ශ්‍රී ලංකාවට ජයග්‍රහණය සඳහා ලකුණු 296ක ඉලක්කයක් හිමිවුණි.

කෙසේවෙතත් තරගයේ පස්වන සහ අවසන් දිනය නිමා වන විට ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 04ක් දැවී ලබා සිටී ලකුණු සංඛ්‍යාව 72කි.

තරගය අත්හිටුවන අවස්ථාව වනවිට නොදැවී පන්දුවට පහරදෙමින් සිටි කමිඳු මෙන්ඩිස් ලකුණු 12ක්ද, නායක ධනංජය ද සිල්වා ලකුණු 12ක්ද රැස් කරගෙන සිටියා.

පැතුම් නිස්සංක ලකුණු 24ක්ද, ළහිරු උදාර ලකුණු 09ක්ද, දිනේශ් චන්දිමාල් ලකුණු 06ක්ද, තම ක්‍රිකට් දිවියේ අවසන් ටෙස්ට් තරගය ක්‍රීඩාකළ ඇන්ජලෝ මැතිව්ස් ලකුණු 08ක්ද දෙවෙනි ඉනිම සඳහා ‍රැස් කරනු ලැබුවා.

අද තරගයෙන් අනතුරුව ශ්‍රී ලංකා සුපිරි ක්‍රීඩක ඇන්ජලෝ මැතිව්ස් සිය ටෙස්ට් දිවියෙන් සමුගත්තේය.

බංග්ලාදේශ ශ්‍රී ලංකා අවසන් ටෙස්‍ට් තරගය එළඹෙන 25වනදා කොළඹ SSC ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතයි.