බංගලාදේශ නායකයාගෙන් තවත් ශතකයක්


ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ දෙවෙනි ඉනිම ක්‍රීඩා කරන බංග්ලාදේශ කණ්ඩායම වෙනුවෙන් එහි නායක නජ්මුල් හුසේන් ශන්තෝ ශතකයක් වාර්තා කළා.

දෙවෙනි ඉනිමට පන්දුවට පහර දෙමින් සිටින බංග්ලාදේශ කණ්ඩායම මේ වන විට කඩුලු 06ක් දැවී ලකුණු 273ක් වාර්තා කර සිටිනවා.

බංග්ලාදේශ නායක නජ්මුල් හුසේන් ශන්තෝ පළමු ඉනිම සඳහාද ශතකයක් වාර්තා කිරීමට සමත් වූ අතර, එහිදී ඔහු රැස්කල ලකුණු සංඛ්‍යාව 148ක්.