2026 T20 ලෝක කුසලානය ඉන්දියාවේ සහ ශ්‍රී ලංකාවේ සත්කාරකත්වයෙන් පැවැත්වීමට නියමිතයි.

ඒ සඳහා සුදුසුකම් ලැබූ 6වන රට බවට පත්වීමට කැනඩාව පසුගියදා සමත් වුණා.

ඒ ඇමරිකා එක්සත් ජනපදයේ කලාපීය සුදුසුකම් ලැබීමේ අවසන් මහා තරගයේදී බහමාස් කණ්ඩායමට එරෙහිව කඩුලු 7ක ජයක් ලබමින්.

කැනඩා කණ්ඩායම T20 ලෝක කුසලානයකට සහභාගී වන දෙවන අවස්ථාව මෙයයි.

2026 T20 ලෝක කුසලානය සඳහා මේ වන විටත් සත්කාරක ඉන්දියාව සහ ශ්‍රී ලංකාව මෙන්ම ඇෆ්ගනිස්ථානය, ඕස්ට්‍රේලියාව, බංග්ලාදේශය, කැනඩාව, එංගලන්තය, අයර්ලන්තය, නවසීලන්තය, පාකිස්ථානය, දකුණු අප්‍රිකාව, ඇමරිකා එක්සත් ජනපදය සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සුදුසුකම් ලබා තිබෙනවා.

2026 T20 ලෝක කුසලානය කණ්ඩායම් 20ක සහභාගීත්වයෙන් පැවැත්වීමට නියමිතයි.