ශ්‍රී ලංකා බොක්සිං කණ්ඩායම මෙහෙයවීමේ වගකීම උමයංග මිහිරාන්ට

ජාත්‍යන්තර බොක්සිං සංගමයේ සහ ආසියානු බොක්සිං සම්මේලනයේ සහයෝගය ඇතිව ශ්‍රී ලංකා බොක්සිං සංගමය සංවිධානය කරන ආසියානු වයස 22 න් පහළ සහ යොවුන් බොක්සිං තරගාවලියට සහභාගී වන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය උමයංග මිහිරාන්ට ලබාදී තිබේ.

ටවල් 26 ක් නියෝජනය කරමින ක්‍රීඩක ක්‍රීඩිකාවන් 400 ක් සහභාගි වීමට නියමිත මෙම තරගාවලිය එළබෙන සඳුදා (12) සිට 23 වැනිදා දක්වා කොළඹ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගණයේදී පැවැත්වීමට නියමිතය.

මෙම තරගාවලිය සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කරමින් ක්‍රීඩක ක්‍රීඩිකාවන් සංඛ්‍යාව 33ක් සහභාගී වන බව සඳහන්.

තවමත් 21 වන වියේ පසුවන මිහිරාන් ශ්‍රී ලංකා පොලිසිය නියෝජනය කරමින් පසුගිය වසරේදී (2024) කිලෝ ග්‍රෑම් 51 ෆ්ලයි බර පංතියේ ජාතික ශූරයා බවට පත් විය.

එමෙන්ම 2024 දෙසැම්බර් මස තායිලන්තයේ පැවැති ආසියානු බොක්සිං තරගාවලියේදී කිලෝ ග්‍රෑම් 51 ෆ්ලයි බර පංතියේ ලෝකඩ පදක්කම ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දීමටද ඔහු සමත් විය.