ජෝ රූට් සුවිශේෂී කඩයිමක් පසු කරයි! සචින් තෙන්ඩුල්කාර්ගේ වාර්තාව අවදානමක!


සිම්බාබ්වේ කණ්ඩායම සමගින් පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී සිය ටෙස්ට් ක්‍රිකට් දිවියේ ලකුණු 13,000 සීමාව පසුකර යෑමට එංලන්තයේ ජෝ රූට් සමත් විය.

ඒ අනුව එම කඩඉම වේගයෙන්ම පසුකළ පිතිකරුවා බවට පත්වීමට ඔහුට හැකි විය. එමෙන්ම ඊට ළඟා වූ පළමු හා එකම එංගලන්ත පිතිකරුවා ලෙසද රූට් වාර්තා අතරට එක්විය.  

සිව්දින තරගයක් ලෙස පැවැත්වෙන මෙම තරගයේ එංගලන්ත පළමු ඉනිම වෙනුවෙන් ලකුණු 34ක් ලබා ගනිමින් ඔහු මෙම ලැයිස්තුවට එක් විය.

ඔහුට මෙම කඩඉම පසුකර යාමට තරග 153ක් වැය විය.

රූට් මේ වනවිට ශතක 36ක් හා අර්ධ ශතක 65ක් වාර්තා කර ඇත.

ඔහු වාර්තා පොත අතරට එක් වූයේ ලෝක ටෙස්ට් ක්‍රිකට් පිටියේ ටෙස්ට් ලකුණු 13,000 කඩඉම පසුකළ පස්වන ක්‍රීඩකයාද වෙයි.

තවමත් 34වන වියේ පසුවන රූට්ට ලොව වැඩිම ටෙස්ට් ලකුණුලාභියා වන ඉන්දියාවේ සචින් තෙන්ඩුල්කාර් පසුකර යෑමට තවත් අවශ්‍යව ඇත්තේ තවත් ලකුණු 2,916ක් පමණි.