ධනාත්මකව සිහින දකින්න සූදානම් වෙමු- නවසීලන්තයට එරෙහිව ලංකාවෙන් ලකුණු 10 ක්
කිලෝ ග්‍රෑම් 85 ට අඩු කාණ්ඩයෙන් නවසීලන්ත රගර් කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවති තරගයෙන් නවසීලන්තය ලකුණු 50 – 10 ක් ලෙස ජයග්‍රහණය කරන්නට සමත් වුණා.නවසීලන්තය වැනි ලෝකයේ ඉහළම රගර් සංස්කෘතියට උරුමකම් කියන රටකට එරෙහිව මේ පරාජය ද ශ්‍රී ලංකාවට වටිනා එකක් වුවත්,අත්දැකීම් මදකම් නිසා ඇති වන මඟහැරීම් සහ කලබලකාරීවීම් නොවන්නට ශ්‍රී ලංකාවට මීට වඩා හොඳ ප්‍රතිපලයකට යන්න ඉඩ තිබුණා.
නවසීලන්තය මත බලාපොරොත්තු නොවුණ පීඩනයක් මේ තරගයේදී ශ්‍රී ලංකාව ඇති කරනු ලැබුවා.එය වැදගත් පෙර නිමිත්තක්.මහනුවර තරගයේ රශ්ණයෙන් පවා නවසීලන්ත ක්‍රීඩකයින් යම් පිඩාවක් අත් විදිනු දකින්නට ලැබුණා.මේ තත්ත්වයන් ද ශ්‍රී ලංකාවට කල්පනාකාරී වුවහොත් තව දුරටත් වාසිදායක තත්ත්වයකට හරවා ගන්න ලැබෙනවා.
නවසීලන්තයට එරෙහිව නූතණ රගර් සංස්කෘතිය ඇතුළෙ උත්සාහක දිණුමක් සටහන් කිරමේ භාග්‍යය දැහන් වික්‍රමාරච්චි විසින් ලබා ගත්තා.එහි ප්‍රවර්ථනය සහ ගෝල දිණුමකින් නයිජල් රත්වත්ත ලබා දුන් සහයත් සමඟයි ශ්‍රී ලංකාවේ ලකුණු 10 ලබා දුන්නෙ.
නවසීලන්තය වෙනුවෙන් ලකුණු යන්ත්‍රය ආරම්භ කළේ පසියා අසියාටා ඉන් පසුවද තවත් උත්සාහක දිණුමක් ලබා දෙන්නට සමත් වුණා.අසියාටා ට අමතරව ප්‍රැන්සිස් මොරිසන් ද උත්සාහක දිණුම් දෙකක් ලබා ගන්නට සමත් වුණා.ඉතිරි උත්සාහක දිණුම් හතර ජෙමී පෙට්ෆොර්ඩ්,බෙන් මෙග්සන්,ජැක් ලෙයිටි,නායක ජරෙඩ් පර්සිවෙල් අතර බෙදි ගියා.වාර්තා කළ උත්සාහක දිණුම් අටෙන් පහකම ප්‍රවර්ථන සාර්ථක වූ අතර ඉන් හතරක්ම නිසි එල්ලය කරා යොමු කළේ ජරෙඩ් පාර්සිවල්ය.ඉතිරි සාර්ථක ප්‍රවර්ථනයේ හිමිකරු වූයේ ටේන් කොර්ඩේල් හුල් ය.
නවසීලන්තය වැනි පැතිරුණු විසිරුණු සම්පත් සහිත උසස්ම රගර් ක්‍රීඩාවක් ඇති රටක විවිධ ප්‍රදේශවලින් පැමිණ කණ්ඩායමට එක්ව සිටින ක්‍රීඩකයින්ට මුහුණ දෙන්නට ශ්‍රී ලංකාවට ඇති රගර් සංයුතිය කණ්ඩායම් අටකට සීමා වි පැවත්වෙන රගර් තරගාවලියය.එම කණ්ඩායම් සදාකාලිකව එම ස්ථානවලය.ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය හැරුණු විට අනිත් කණ්ඩායම් හතරෙන් තුනක් කොළඹය.එකක් මහනුවරය.ඒවා හරහා රටේ ක්‍රීඩාවට ලැබෙන සහය කුඩා නොවුණ ද,ක්‍රීඩාව ප්‍රසාරනය වි තව දුරටත් තරගකාරී මට්ටම ඉහළ යා යුතුව ඇත.මේ සඳහා ක්‍රිඩාව සඳහා අලුත් ක්‍රීඩා සමාජ සඳහා ඒමට ඉඩක් සමඟ අටේ සංයුතිය සදාකාලික නොවී ඒවා ඉහළ පහළ යා හැකි ව්‍යහුයක් ගැන කල්පනා කරන්නට මේ තරගාවලියම කල්පනාවට ගත හැකිය.
ඉතා සීමිත පිරිසකට ජාතික මට්ටමේ තරග කිරීමේ අවස්ථාව ඉහළ මට්ටමෙන් හිමිවන්නට හේතුව වන්නේ එම පහසුකම් සීමිත ක්‍රීඩා සමාජ ප්‍රමාණයකට පමණක් හිමිව තිබීමය.එම ක්‍රීඩා සමාජවලට ඉහළ බදු සහන යටතේ ඉහළ වටිනාකම් සහිත භූමි භාග භුක්ති විදීමට හැකියාව ලැබී ඇත.එසේම මත්පැන් අලෙවිය සහ වෙනත් ආකාරවලට දේපළ කුලියට දීම් ආදියද එම ක්‍රීඩා සමාජ ආශ්‍රිතව සිඳු වී ඇත.
ඒ මට්ටමටම නොවුණත් බී කාණ්ඩයේ ද,කාන්තා රගර් ක්‍රීඩාවේද තත්ත්වය ද ඉහළ යා යුතුය.බී කාණ්ඩයේ ක්‍රීඩා කරන ක්‍රීඩා සමාජ ක්‍රීඩකයෙකු ඒ ක්‍රීඩා සමාජයකට ක්‍රීඩා කරන්න පුරප්පාඩුවක් බලා සිටිය යුතුය.15 අතර ඒ හැම දක්ෂයෙකුටම ඉඩ නොලැබෙන්නේය.සමහර විට දක්ෂතා ඇති අයෙකුට සිය රගර් දිවිය කවදාවත් ජාතික ක්‍රීඩා සමාජයකට තබා ඒ කාණ්ඩයේ ජාතික සූරතාවලියක අවස්ථාවක් හෝ නොලබා නිමා කරන්නට සිඳු විය හැකිය.මේ වරප්‍රසාද ලෙස සැළකිය හැකි වෙනස්කම්වල වාසිය අනුන්ට නැති බව පෙන්නා,තමන්ට බෙදා ගන්නට අවශ්‍යය වූ විට භාවිතයට ගන්න ද ඒ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ ඉදිරිපත් වන්නේය.
ඒ ආකාරයට විශාල මැදිහත්වීමක් අප වෙබ් අඩවිය ද කරමින් (සාක්ෂි ලෙස ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා සහ එම ක්‍රීඩා සමාජයේ ප්‍රධානියා වන ආචාර්ය කැළුම් සුජිත් ගත හැකිය) ඒ කාණ්ඩයේ ක්‍රිඩා කරන්නට ශ්‍රී ලයන්ස් ක්‍රිඩා සමාජයද පිවිසියේය.ඔවුන් හොඳින් තරගාවලිය නිමා කරන්නට සමත් විය.ඔවුන්ටද ඉතා අඩු පදනම් මතක්‍රිඩා පිටි භුක්ති විදිමින් කොළඹ නගරය මැද සුපිරි ඉඩක් වෙන් කරවා ගැනීමේ වරප්‍රසාදය ලැබූ ඒ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ නුසුදුසු බවට ගෙනා යෝජනාවක් වූයේ ක්‍රීඩා පිටියක් නොමැතිකමය.එය ඇති එක නැති එකාගේ හැකියාව නොසළකා ඔවුන්ව අවඥාවට ලක් කරන පහත් තත්ත්වයකි.(මේවාට මේ වන විට රාජ්‍ය දේශපාලන අනුග්‍රහයම ලබා දෙන්නට පිඹුරුපත් සැකසෙමින් තිබීම ඛේදයකි)
මේ තත්ත්වයන් තේරුම් ගෙන දැන් පත්වන පරිපාලනයක් ඒ ක්‍රීඩා සමාජවල පැවත්මට අභියෝග වන විදිහට තරගකාරීව ඔවුන්ව අභිබවා ගියහොත් බී කාණ්ඩයේ සූරයන්ට ඒ වෙත පැමිණ,ඒ කාණ්ඩයේ අන්තිමයා බී කාණ්ඩයට පැමිණිය යුතුව ඇත.එය වඩාත් වැදගත් ක්‍රීඩාවේ ගුණාත්මක සංවර්ධනය සඳහා මෙන්ම ක්‍රීඩාවට ඇති ආසාව ක්‍රීඩා කරවීම දක්වා පොළඹවන්නට හොඳ අභිප්‍රේරණයක් වනු ඇත.ක්‍රීඩා අමාත්‍යවරයා ඒ කාණ්ඩයේ ක්‍රීඩා සමාජ කොච්චර වියදම් කරනවාද ඒ අයට සාධාරණයක් ඕනි වැනි කතා ඒ ක්‍රීඩා සමාජවලටම සම්බන්ධ ඔහුගේ උපදේශකයන්ගෙන් අසා කියවීම පසෙකට කර,ඒ වියදම් වෙනුවෙන් ඔවුන්ට උපයන්නට සහ රාජ්‍ය තාන්ත්‍රික මට්ටමෙන් දී ඇති බදු සහන ගැනත් සිතිය යුතුව ඇත.
බී කාණ්ඩයේ ක්‍රීඩා සමාජයක් මේ කිසිවක් නැතුව දක්ෂයන් නඩත්තු කරන්න ඉදිරිපත් වන්නේය.ඒ අය අතින් කා හරක් බලා කිරි ටික රටට දෙවා ගන්නට ඉඩ හරින පරිත්‍යාගශීලී සහ ක්‍රීඩාවට සැබෑ ආදරයක් ඇති පිරිස්ය.ඒ කිරි සමහර විට ක්‍රීඩා අමාත්‍යතුමාට සිය උපදේශකයන් හරහා හමුවන්නේ ඒ ක්‍රීඩා සමාජයකින්ය.අමාත්‍යවරයාද උපන් ගමන් ඇවිද්ද අයෙකු ලෙස වර්ණනා කරනවා විනා ඔහු ඉපැද්දූ තැන් හොයන්නට නොදන්නේය.ඒ නිසා යන රැල්ලේම ගොස් මැලේසියාව පරාජය කිරිම නවසීලන්තය පරාජය කිරීම වැනි ලෙස සඳහන් කරන්නේය.
මේ අතර මැද කොටස සාමාන්‍ය දැණුමක් ඇති අයෙකුට නවසීලන්තය සහ ශ්‍රී ලංකාව අතර තරගයේ තත්ත්වය ඇසුරෙන් ලාංකික සිරුරුවල ජවය සහ වේගය රගර්මය ස්වරුපයකට පෙරළිය හැකි බව කියන බව ඒත්තු ගන්වන්නකි.විශේෂයෙන් සත් සාමාජික රගර් ක්‍රීඩාවටනම් සරල ලෙසම කියන්නේනම් මරු ය.ඒත් මේ සංයුතිය සැකසී ඇත්තේ හැකිළුණු රගර් ව්‍යාප්තියකින්ය.ක්‍රීඩා සමාජ අටක් ලෙස ගත් විට ඒ අට පළාත් දෙකකට සීමා වී ඇත.ඉන් හතක්ම කොළඹය.(ත්‍රිවිධ හමුදාව සහ පොලිසියද ඇතුළත්ව) පාසල් මට්ටමෙන් ද ජාතික මට්ටමේ ඉහළින් රගර් ක්‍රීඩාව පවත්වාගෙන යන්නේ කොළඹ සහ මහනුවර පමණය.ගාල්ල,කුරුණෑගල,මාතර වැනි ක්‍රිකට් ක්‍රීඩාවෙන් ඉදිරියෙන් සිටින නාගරික ප්‍රදේශවලින් ද රගර් ගැන ඇසෙන්නේ නැති තරම්ය.
එසේනම් මේ නියෝජනයේ ක්‍රීඩකයින් විශිෂ්ඨයන් බව සැබෑ මුත්,ඒ විශිෂ්ඨත්වය මැනීම සඳහා භාවිතා කර ඇත්තේ සීමිත වපසරියක් පමණක් බව අප තේරුම් ගත යුතුව ඇත.ක්‍රිකට් වැනි ක්‍රීඩාවක කාන්තා නියෝජනය සොයා ගන්නට විසිරුණු පැතිරුණු ක්‍රමයක් නොතිබිණිනම් තවමත් චමරි අතපත්තු ඉබ්බාගමුවේ ය.ඇත්ත එයනම් මේ තරම් උදාහරණත් තිබෙනම් නාමල් රාජපක්ෂලාගේ සහ මලික් සමරවික්‍රමලාගේ රගර් සිමාවේ ජාතිකත්වය තහවුරු කරමින්,ලංකාවට වැරදි කර දේශපාලන අනුහසින් ලංකාවෙන් දඩුවම් නොලැබ ජාත්‍යන්තරයට ගිය පිරිසගේ උවමනාවට රගර් හසුරුවන්න යාම බුද්ධිමත් නැති ප්‍රායෝගික නැති කතාවක්ය.
මේ දක්ෂයන් සහ වැඩ පිළිවෙලක් නැති නිසා පරික්ෂාවට හෝ බඳුන් නොවුණ දක්ෂයන් ඇත.ඒ දක්ෂයන් සොයා ගැනීමට සහ ජීවත් කරවීමට පළාත් මට්ටමේ පරිපාලන රටේ ක්‍රීඩාව වෙනුවෙන් ශක්තිමත් කළ යුතුය.දේශපාලකයා මේ ක්‍රීඩකයාගෙන් ක්‍රීඩකයාට පරික්ෂා කර ඔහුගේ හැකියාවේ උපතේ සිට මේ දක්වා ගමන නිරීක්ෂණය කළහොත් එහි සීමා සහ වර්ධනය විය යුතු අවස්ථා ගැන යම් නිගමනයක් ඇති කර ගන්නට හැකියාව ලැබෙනු ඇත.
අප යළිත් කියන්නේ නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාව දැක් වූ දස්කම් අති විශිෂ්ඨ බවය.ඊට වඩා දස්කම් දක්වන්නට තිබුණු ඉඩ තරගය තුළම මඟ හැරුණේ නැත්නම් මේ ලකුණු 50 ට එරෙහිව ලකුණු 20 ක් වත් සටහන් කර ගන්නට තිබුණ බවක් හැඟෙන්නේය.ඉදිරි තරගවලදී ඩ්‍රොප් ගෝල් උත්සාහයන් ද සළකා බැලීම වටින්නේය.නවසීලන්තයේ වේගයට හැඩ ගැසෙන්නට යාමට වඩා ඒ රිද්මය මදක් පහත හෙළීමට පන්දුව අත රැඳෙන අවස්ථාවල ශ්‍රී ලංකාවට හැකියාවක් ඇත්නම් එය ද වැදගත්ය.අපට දිනන්නට වුව බැරි නැත.නවසීලන්තයේ ඉහළම කණ්ඩායම නොවුණත් රගර් මාධ්‍යය තුළ නවසීලන්තයට සහ ශ්‍රී ලංකාවට ඇති දුර විමසා බලන විට නවසීලන්තයට එරෙහිව ගොඩ නැඟුව ක්‍රිඩා විලාසයම ජයක්ය.එහෙත් මේ ජය වෙනුවෙන් පෙළ ගැසෙන සංයුතිය තීරණය කිරිම සඳහා වන පරික්ෂාව මීට වඩා පුළුල් රට පුරා විසිරුණු තැනකින් පරික්ෂාවට ලක් කිරිමට හැකි මට්ටමට රගර් දියුණු වුණහොත් මීටත් වඩා හොඳ 15 ක් අපට පිටියේ දැක ගන්නට හැකි විය හැකිය.ධනාත්මක සිහින මඟ හැර නොයන්න.අපට යළි යළිත් ඔබේ උපකල්පනය සිහින විය හැකිය.ඒවා ධනාත්මක සිහිනය.කරුණු සිඳුවන ආකරයෙන් ගත් විට සැබෑ කරන්නට බැරි සිහින ගණයට ඒවා වැටෙන්නේ ද නැත.
පහත දැක්වෙන්නේ ධනාත්මක සිහින යන්ත්‍රය පන ගන්නවන්නට දායක වූ සමූහය ය.
පෙරපෙළ
01) විමුක්ති ගමගේ
02) ශාමික කෞෂාන්
03) තනුජ ජයවීර
04) නවීන් මාරසිංහ
05) තිළිණ බණ්ඩාර
06) නිශ්රාන් නිලාර්
07) ලහිරු තිලකරත්න
08) දහන් වික්‍රමාරච්චි
පසුපෙළ
09) මොහොමඩ් රිෆාන්
10) නයිජල් රත්වත්ත - (නායක)
11) කවිඳු පෙරේරා
12) හිරන්ත පෙරේරා
13) ෂාහිඩ් සුම්රි
14) ජයතු රාජරත්න
15) පසිඳු බණ්ඩාර
නිමා කරන්නන්
16) වෙනුර කෝදාගොඩ
17) ජනිඳු ප්‍රනාන්දු
18) හෆීස් තබීත්
19) සෙනුර පෙරේරා
20) චතුර සොයිසා
21) දිනේෂ් ද සිල්වා
22) සුදේශ් ජයවික්‍රම
23) ශ්‍රීනාත් සූරියබණ්ඩාර
24) නිරෝෂ් පෙරේරා
25) තේනුක නානායක්කාර
කණ්ඩායම් නිලධාරීන්:
============
1. උදය හෙට්ටිආරච්චි මහතා - චෙෆ් ද මෙහෙවර
2. රොහාන් චින්තක මහතා - කණ්ඩායම් කළමනාකරු
3. සනත් මාටිස් මහතා - ප්‍රධාන පුහුණුකරු
4. දුෂාන්ත් ලෙව්කේ මහතා - ඉදිරිපෙළ පුහුණුකරු
5. සාලිය කුමාර මහතා - පසුපෙළ පුහුණුකරු
6. තාරක අල්ගම මහතා - ශක්තිය සහ සමීකරණ පුහුණුකරු
7. වෛද්‍ය ප්‍රදීප් කිරිඇල්ල - කණ්ඩායම් වෛද්‍ය
8. ෂෆින් මජීඩ් මහතා - Teamq භෞත චිකිත්සක
9. මනෝජ් සිල්වා මහතා - මස්සියර්
10. සංඛ දිල්ෂාන් ද සිල්වා මහතා - මසායර්
11. එල්.පී.පී සමීර මහතා - මසායර්
12. ස්පෙන්සර් ලියොන් මහතා - දත්ත විශ්ලේෂක
13. කමල් ජයතිලක මහතා - ඉහළ කාර්ය සාධන කළමනාකරු
SOURCE: NMR (Journalist)
Social Plugin