ධනංජනාගෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්

 ධනංජනාගෙන් ශ්‍රී ලංකාවට රිදී පදක්කමක්



සවුදි අරාබියාවේ පැවත්වෙන ආසියාතික යොවුන් මලල ක්‍රීඩා සූරතාවලියේදී බාලිකා මීටර් 100 ඉසව්වේ රිදී පදක්කම ශ්‍රී ලංකාවට  දිනා දෙන්නට ධනංජනා ප්‍රනාන්දු සමත් වුණා.වත්තල ලයිසියම් ජාත්‍යන්තර පාසලේ සිසුවියක වන ඇය තරගය නිමාවේ එහි ජයග්‍රාහිකාව වූ ෂීන්ග් ක්වැන් සමඟ සිය රටවල ධජයන්ද අතැතිව සිටින අයුරු මෙම ඡායාරූපයේ දැක්වෙනවා.මෙහි තෙවන්නිය වූයේ ඉන්දියාව නියෝජනය කළ ආර්ති යි.ධනංජනා මෙහිදී ඉසව්ව තත්පර 11.92 දි නිම කිරීමට සමත් වුණා.