බැහැ කියපු සංගම්වල තීරණය A ක්‍රීඩා සමාජවලට දැණුම් දී ඔවුන්ව නවත්වයි,ආපු අයට රස්තියාදු වී යන්න වෙයි

 

බැහැ කියපු සංගම්වල තීරණය A ක්‍රීඩා සමාජවලට දැණුම් දී ඔවුන්ව නවත්වයි,ආපු අයට රස්තියාදු වී යන්න වෙයි



අධිකරණ තීන්දුවකට පිටින්,ආසියානු රග්බි සම්මේලන සභාපතිවරයාගේ තීරණයකට අනුව කටයුතු කරන ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ඇති වී තිබෙන තත්ත්වය ගැන සාකච්ඡා කිරීමට රස්වීමක් කැඳ වුව ද,පළාත් සංගම් වැඩි ප්‍රමාණයක් එම රැස්වීමට විරෝධය දක්වා සාකච්ඡාවට නො‘එන බව නොපැමිණියේය.අධ්‍යක්ෂ ජෙනරාල්වරයා මේ රැස්වීම්වලට මේ වන විට පවතින ව්‍යවස්ථාවේ නැතත් “ඒ“ ක්‍රීඩා සමාජ ද එක් කර ගන්නා අතර පළාත් සංගම් බහුතරයක් සහභාගි නොවන බැවින් රැස්වීම පැවත්විය නොහැකි බව එම “ඒ“ ක්‍රීඩා සමාජවලට ද දන්වා ඇත.

එහෙත් බහුතර පළාත් සංගම්වලට පිටින් මේ වන විට තමන් බලයට පැමිණ “ඒ“ ක්‍රීඩා සමාජවල ඡන්ද බලයට බාධාවක් නොකරන බවට පොරොන්දු දී, එම පළාත් සංගම්වල ආධාරයෙන් රගර් මුල් පුටුවට උත්සාහ දරන අයෙකු සමඟ සිටින පළාත් සංගම් තුනකට,තමන්ගේ “ඒ“ සමාජ නියෝජිතයා හෝ වෙනත් “ඒ‘ ක්‍රීඩා සමාජයක් හෝ අධ්‍යක්ෂ ජෙනරාල්වරයා යන කිසිවෙකුත් රැස්වීම නොපැවත්වෙන බව දැණුම් නොදීම නිසා පැමිණ රස්තියාදු වී යන්නට සිඳු වී ඇත.

පළාත් සංගමයක් යනු පළාතක ඇති සියලුම ආකාරයේ ක්‍රීඩා සමාජ එකතු වී සැකසෙන සංවිධාන ව්‍යහුයක් වන අතර ඒ සදහා “ඒ“ ක්‍රීඩා සමාජයක සාමාජිකයෙකුට වුව බලයට ඒම අපහසු නැත.සියලු ක්‍රීඩා සමාජවල විශ්වසනීයත්වයට පාත්‍ර වීම පමණක් එහිදී වැදගත් වන අතර ගෞරවණීය චරිතයක් හැටියට විශ්වාසය දිනා ගැනීම පමණක් එහිදී වැදගත් වන්නේ බස්නාහිරම  වුව “ඒ“ ක්‍රීඩා සමාජ ඇත්තේ කොළඹ පමණක් වන අතර පළාත් සංගම්වල බලය අහිමි වීමෙන් අනෙකුත් දිස්ත්‍රික්වල ඇති කුඩා අංකුර රගර් ක්‍රීඩා සමාජවල තත්ත්වය දුලබව හැකිලී යනු ඇතැයි යන්න මතුවන ප්‍රධාන සහ සාධාරණ තර්කයකි.

එවැනි තත්ත්වයක බස්නාහිරෙන් පිටතට යද්දී වෙනත් පළාත් ක්‍රීඩා සමාජවල බලය යෝජිත ව්‍යවස්ථාව වෙනස් වුවහොත් වඩාත් දුංඛිත තත්ත්වයට පත් වී එම පළාත්වල රගර් ක්‍රීඩාව සම්පූර්ණයෙන්ම සේදී යා හැකිව තිබියදීත්,ව්‍යවස්ථාව වෙනස් කර “ඒ“ ක්‍රීඩා සමාජවල බලයට රගර් යටත් කිරීමේ ව්‍යාපෘතියක් සකස් කිරීමට දායක වන අතරේම,පළාත් සංගම්වලට හානියක් නොකරන බවට පොරොන්දු වී නිලවරණයට ද ඉදිරිපත් වෙන්නට මාර්ගය සකසා ගත් පුද්ගලයෙක් සිය ක්‍රීඩා සමාජවලට දැණුම් දුන් පණිවිඩය තමන්ට දැණුම් නොදී රස්තියාදු කළේ ඇයි ද යන්න පැමිණි පළාත් නියෝජිතයන්ගේ සාකච්ඡාවට බඳුන් වී ඇත.

කෙසේ වුවත් මෙම රැස්වීමට විරුද්ධ බවට ක්‍රීඩා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට කරුණු ඉදිරිපත් කළ බස්නාහිර පළාත් රග්බි සම්මේලනයේ සභාපතිවරයා අධිකරණ තීන්දුවක් තිබියදී නිලවරණය නොපවත්වා,එම නිලවරණය අත්හිටුවා කරන සාකච්ඡා නීති විරෝධි බවට  කරුණු පෙන්වා දුන්නේය.ඒ නිසා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා කරන නීත්‍යානුකූල නොවන රැස්වීම්වලට නීත්‍යානුකූල පුරවැසියන් ලෙස තමුන්  හවුල්කරුවන් නොවන බව බස්නාහිර රග්බි සම්මේලන සභාපති රොෂාන් ඩීන් මාධ්‍ය්‍යට කරුණු දක්වමින් කියා සිටියේය.

බොහෝ විට මෙම කරුණු ඉදිරියේදී අධිකරණයට ද වාර්තා කරන්නට මෙම රැස්වීමට එකතු නොවූ පළාත් සංගම් කටයුතු කරනු ඇත.රටක නීතිය නොසළකා හැරීමට යම් තින්දුවක් තිබියදී එම තින්දුව දුන් අධිකරණයට නොදන්වා කළ හැකි ද යන්න මෙම පළාත් සංගම් විසින් අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට එරෙහිව චෝදනා ඉදිරිපත් කර අධිකරණයට කැඳවා ඇති අතර එම අවස්ථාවේදී එම කරුණ ගැන දෙන අධිකරණ තීන්දුව ඉතා වැදගත් එකක් වනු ඇත.

SOURCE: NMR (Journalist)