වනිඳුට සහ චමරිට අවස්ථා දෙක බැඟින්

 

වනිඳුට සහ චමරිට අවස්ථා දෙක බැඟින්




ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ වනිඳු හසරංග සහ චමරි අතපත්තු දෙදෙනාට අයිසීසී එක්දින ජාත්‍යන්තර කණ්ඩායම්වලට අමතරව අයිසීසී විස්සයි විස්ස 2024 කණ්ඩායමේ ද ස්ථානයක් වෙන් වී තිබෙනවා.

වනිඳු, අයිසීසී 2024 එක්දින කණ්ඩායම චරිත් අසලංකගේ නායකත්වය යටතේ,තවත් ශ්‍රී ලංකා ක්‍රීඩකයින් දෙදෙනෙක් වන කුසල් මෙණ්ඩිස් සහ පැතුම් නිශ්ශංක සමඟ නම් කර තිබෙන අතර විස්සයි විස්ස අයිසීසී කණ්ඩායම නම් කිරීමේදී ශ්‍රී ලංකාවෙන් නම් කර තිබෙන එකම ක්‍රීඩකයා බවට පත් වී තිබෙනවා.

අයිසීසී කාන්තා කණ්ඩායම් නම් කිරීමේදී විස්සයි විස්ස මෙන්ම එක්දින කණ්ඩායම යන කණ්ඩායම් දෙකටම සුදුසුකම් ලබා ඇත්තේ ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු පමණයි.

SOURCE: NMR (Journalist)