පකිස්තානය අතින් ආසියාවේම බලාපොරොත්තු බොඳ වෙයි

 

පකිස්තානය අතින් ආසියාවේම බලාපොරොත්තු බොඳ වෙයි 

පකිස්තානයට ආසියානු කණ්ඩායමක් ලෝක කුසලාන අවසාන පූර්ව වටයට ගෙනෙන්නට තිබුණු අවස්ථාව පන්දු යවන්නන් හොඳින් සිය වගකීම ඉටු කළ ද,පිතිකාරිණියන් එය තේරුම් නොගැනීම නිසා අහිමි වී ගියේය.ඉන්දියාව අවසාන පූර්ව වටයට පැමිණීම වැළක්වමට පකිස්තානය ඒ දේ කළ ද,පන්දු ඕවර් 11 ට පෙර නවසීලන්තය ලබා ගත් ලකුණු ප්‍රමාණය ඉක්මවා ගියේ නම් පකිස්තානයට ද අවසාන පූර්ව වටයට පිවිසීමට තිබිණ.

එහෙත් පකිස්තානය සහ ඉන්දියාව අතර පවතින දේශපාලන කෝන්තරය සමඟ පකිස්තානු ක්‍රීඩිකාවන් අතින් ගිලිහී ගිය උඩ පන්දු පදනම් කර ගනිමින් මෙවැනි කතාවන් ගෙතුව ද,රටකට ක්‍රීඩාවේ එක ජයග්‍රහණයක් වුව කෙතරම් වැදගත් ද සහ ඊට කෙතරම් උත්සාහයක් ගන්නේ ද යන්න ක්‍රීඩා පිටියේ සිටින ක්‍රීඩිකාවෝ දනිති.පකිස්තානය කුමන අර්බූද මැද වුව නවසීලන්තය ලකුණු 110 ට සීමා කිරීම විශාල දස්කමකි.



එම ලකුණු ප්‍රමාණය ඉක්මණින් අභිබවා ගොස් පකිස්තානයම අවසාන පූර්ව වටයට පිවිසීමට උත්සාහ දරණ බව ආරම්භක පිතිකාරිණිය වූ පන්දු 11 දී ලකුණු 15 ක් ලබා ගනිමින් දියත් කළ ප්‍රහාරය සාක්ෂියක් විය.ර් අවස්ථාවේදී නවසීලන්තය ද උඩ පන්දු දෙකක්ම බිම දැම්මේ නිසි ලෙස අවබෝධ කරගෙන පන්දු නො‘රැකීම නිසාය.

එහෙත් මුනීබාගේ දැවි යාමෙන් පසුව පකිස්තාන පිතිකාරිණියන් තුළ තිබුණේ ප්‍රහාරය පමණක් මිස ජයග්‍රහණය,ප්‍රහාරය සහ ඊට අදාළ වූ සැළසුමක් නොවේය.අවසාන පූර්ව වටයට යා නොහැකි වුව ජයග්‍රහණය ද වැදගත් බවත්,එය පහසු ඉලක්කයක් බවත් සිතා කටයුතු කිරීමට පකිස්තානු ක්‍රීඩිකාවන් පමා වූ අතර නායිකා ෆැටීමා සනා පමණක් වැඩිම ලකුණුලාභිණිය වෙමින් ලකුණු 21 ක් ලැබුවාය.මුනීබා සහ පැටීමා ලැබූ ලකුණු එකතුව 40 ක් වූ අතර සෙසු ක්‍රීඩිකාවන් සියල්ලම පකිස්තානයට ලබා දී ඇත්තේ ලකුණු 56 කි.ඔවුන් පන්දු ඕවර් 11.4 දී ලකුණු 56 ට දැවී ගියේ නවසීලන්තයට එරෙහිව ඓතිහාසික ජයක් ලැබීමට තිබුණු ඉඩ අමතක කර දමමින්ය.

ලකුණු විස්තරයට පහතින් පිවිසිය හැකි අතර ඒ කොටසින් අවසාන පූර්ව වටයට පිවිසි නවසීලන්තය බි කොටසින් අංක එකට පිවිසෙන කණ්ඩායම සමඟ තරග කරන්නට නියමිතය.අද පැවත්වෙන එංගලන්තය සහ කොදෙව් කණ්ඩායම අතර තරගයෙන් ජයගන්නා කණ්ඩායම අනුව බී කොටසෙන් අවසන් පූර්ව වටයට පිවිසෙන කණ්ඩායම තීරණය වීමට නියමිතය.එංගලන්තය ජය ගතහොත් අනිවර්යෙන්ම එංගලන්තය සමඟ දකුණු අප්‍රිකාව අවසාන තරගයට පිවිසෙන අතර එසේ වුවහොත් නවසීලන්තය සමඟ එංගලන්තයත්,ඕස්ට්‍රේලියාව සමඟ දකුණු අප්‍රිකාවත් තරග කරනු ඇත.එහෙත් අද කෙදෙව් කණ්ඩායම ජය ගතහොත් සහ ජයගන්නා ආකාරය අනුව අවසාන පූර්ව වටයට බී කොටසින් පිවිසෙන්නේ දකුණු අප්‍රිකාව,එංගලන්තය සහ කොදෙව් කණ්ඩායම් තුනෙන් කුමන කණ්ඩායම් දෙකද යන්න තීරණය වනු ඇත.

https://es.pn/486edDc

SOURCE: NMR (Journalist)