හොංකොං සය සාමාජික තරගාවලියට ලහිරු ගේ නායකත්වයෙන් කණ්ඩායමක්

 


හොංකොං සය සාමාජික තරගාවලියට ලහිරු ගේ නායකත්වයෙන් කණ්ඩායමක්

නොවැම්බර් පළමුවැනිදා හොංකොං හී දී ආරම්භ වන සය සාමාජික ක්‍රිකට් තරගාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායමේ නායකත්වය ලහිරු මධුශංකට පවරා තිබෙනවා.එම ක්‍රීඩක සංචිතයට ලහිරු ගේ නායකත්වය යටතේ ලහිරු සමරකෝන්,නිමේශ් විමුක්ති,සඳුන් වීරක්කොඩි,ධනංජය ලක්ෂාන්,තරිඳු රත්නායක සහ තනුක දාබරේ ඇතුළත් කර තිබෙනවා.

නොවැම්බර් පළමු වැනිදා ශ්‍රී ලංකාව ඕමානය සමඟත් බංගලාදේශය සමඟත් තරග කරන්නට නියමිතව තිබෙනවා.නොවැම්බර් 2 සහ 3 යන දෙදින මූලික වටයේ කණ්ඩායම් දක්වන දක්ෂතා අනුව තරග වැදීම පෙළ ගැසීමට නියමිතයි.තරගාවලියට ශ්‍රී ලංකාව,ඕමානය,බංගලාදේශය,පකිස්තානය,ඉන්දියාව,එංගලන්තය,දකුණු අප්‍රිකාව,ඔස්ට්‍රේලියාව,නවසීලන්තය,එක්සත් අරාබි එමිර් රාජ්‍යය,නේපාලය සහ සත්කාරක හොංකොං කණ්ඩායම් සහභාගි වීමට නියමිතව තිබෙනවා.

SOURCE: NMR (Journalist)