ලෝක බැඩිමින්ටන් කණිෂ්ඨයන් අතර ශ්‍රී ලංකාවට 19 වන තැන

 

ලෝක බැඩිමින්ටන් කණිෂ්ඨයන් අතර ශ්‍රී ලංකාවට 19 වන තැන 


චීනයේ පැවත්වෙන ලෝක කුසලාන කණිෂ්ඨම මිශ්‍ර බැඩිමින්ටන් සූරතාවලිය නියෝජනය කරන ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තයට එරෙහිව ලකුණු 110 – 97 ක් ජයක් වාර්තා කරන්නට සමත් වුණා.
මේ සමඟ නිමා වූ තරගාවලියේ ලකුණු විස්තරය ද පහත ඡායාරූපයක ස්වරූපයෙන් දක්වා තිබෙනවා.
ශ්‍රී ලංකාව මූලික වටයට එෆ් කාණ්ඩයෙන් තරග වැඳ එම කාණ්ඩයේ තෙවැනියා ලෙස සමස්ත තරගාවලියේ 17 – 24 දක්වා ස්ථානයක ශ්‍රේණියකට තරග වැදුණා.එහිදී ඔවුන් පේරු කණ්ඩායම පරාජය කරමින් වියට්නාමයට පරාජය වී අවසාන හමුවීමේ දී නවසීලන්තය පරාජයට පත් කරමින් ශ්‍රේණිගත කිරීම්වල 19 වන තැනට පත්වෙන්නට සමත් වුණා.

SOURCE: NMR (Journalist)