නෙත්මිගෙන් ශ්‍රී ලංකාවට රත්තරන් ලෝකඩ පදක්කමක්
ලාංකේය මල්ලව පොර කේෂ්ත්‍රයේ එදා මෙදා තුර බිහි වූ විශිෂ්ඨතම තරුව තමා බවට යළිත් තහවුරු කළ නෙත්මි අහිංසා පළමු වරට අවුරුදු 20 න් පහළ කාන්තා මල්ලව පොර සූරතාවලියේ දී ශ්‍රී ලංකාවට ලෝකඩ පදක්කමක් දිනා දෙන්නට සමත් වූවාය.ඒ ශ්‍රී ලංකාවේ මල්ලව පොර කේෂ්ත්‍රයේ ක්‍රීඩකයෙක් හෝ ක්‍රීඩිකාවක් ලෝක සූරතාවලියකදී දිනා ගත් පළමු පදක්කම ලෙස පදක්කමේ වර්ණය ලෝකඩ වුව ද,නෙත්මිගේ නම රන් අකුරෙන් ශ්‍රී ලංකා මල්ලව පොර ඉතිහාසයේ ලියවෙන ජයග්‍රහණයක්ය.
ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ ලියාපදිංචි ක්‍රීඩාවක් බැවින් මෙම තරගාවලියට රුසියාව සහ බෙලරුසියාවට සිය රටේ ධජය යටතේ සහභාගි වීමට අවසර නැති අතර,එරට පවතින ක්‍රීඩාවේ පරිපාලන ඒකක සහ ඔලිම්පික් කමිටුව හරහා නිදහස් ස්වාධීන ක්‍රීඩකයෙක් ලෙස ජාත්‍යන්තර ක්‍රීඩා තරගාවලි සඳහා සහභාගි වීමට අවස්ථාව ඇත.ඒ අනුව නෙත්මි ලෝකඩ පදක්කම වෙනුවෙන් ලකුණු 6-2 ක් ලෙස පරාජය කළ බෙලරුසියානු ක්‍රීඩිකා වැලේරියා මිකිට්සිච් ද මේ තරගාවලියට සහභාගි වූයේ ස්වාධීන ක්‍රීඩිකාවක ලෙසය. (Individual Neutral Athletes – AIN)
SOURCE: NMR (Journalist)
Social Plugin