කොළඹ සහ ගාල්ල කරට කර

 

කොළඹ සහ ගාල්ල කරට කර 

ශ්‍රී ලංකා ක්‍රිකට් සංවිධානය කරන පන්දු ඕවර් 50 ජාතික සුපර් ලීග් තරගාවලියේ මේ දක්වා පැවති තරග අනුව තරග 4 බැඟින් සම ජයග්‍රහණ ගෙන කොළඹ සහ ගාල්ල කණ්ඩායම් පෙරමුණේ පසු වෙනවා.ඒ අතරින් ලකුණු ලබා ගැනීමේ වේගය මත කොළඹ කණ්ඩායම පළමු තැන පසු වෙනවා.

යාපනය,මහනුවර සහ දඹුල්ල කණ්ඩායම් ද මේ තරගාවලිය නියෝජනය කරන අතර ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් එක්දින ක්‍රිකට් ක්‍රීඩාවේ දක්ෂයන්ට වඩාත් තරගකාරී පසුබිමක සහ පදනමක සිය දක්ෂතා වැඩි දියුණු කර ගැනීම සඳහා අවස්ථාව සළසා දීම සඳහා මෙම තරගාවලිය සංවිධානය කර තිබෙනවා.

SOURCE: NMR (Journalist)