අද බලාපොරොත්තු ඉහළම දවසක්
අද (අගෝස්තු 30) පේරු රාජ්‍යයේ ලීමා හී පැවත්වෙන අවුරුදු 20 න් පහළ ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ දී ශ්‍රී ලංකාව මෙම තරගාවලියේ වඩාත් බලාපොරොත්තු සහගත ඉසව් දෙකට මුහුණ දෙන්නට නියමිත දවසය.මේ වන විට ලෝකයේ මීටර් 100 පිරිමි සහය දිවීම් කණ්ඩායම් අතරින් ඉදරියෙන්ම සිටින කණ්ඩායමක් ලෙස හැඳින්විය හැකි ශ්‍රී ලංකාව අද සිය මීටර් 100 සහය දිවීමේ මූලික තරගවලට සහභාගි වීමට නියමිතය.එටස්ම යොවුන් මලල ක්‍රීඩා ලෝක සූරතාවලියේ දී රිදී පදක්කමක් දිනා ගැනීමට සමත් වූ අයෝමාල් අකලංක ද මීටර් 400 කඩුලු අවසන් පූර්ව තරගය නියෝජනය කරන්නේ ද අද ය.
ඊයේ පැවති මීටර් 200 තරගයට ඉදිරිපත් වූ මලිත් කව්ශාන් තාමෙල් සහ ඉඳුවර විදූෂාන් යන දෙදෙනාම අවුරුදු විස්සෙන් පහළ ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ අවසන් පූර්ව තරග නියෝජනය කිරීම කැපී පෙණින.ඒ අතරින් මලිත් සිය මූලික තරගයේ දී දෙවැනි තැනට පත් වී අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත් අතර ඉඳුවර අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තේ මූලික තරගාවසානයේ වේගවත් ධාවකයින් පෙළ ගැස්වීමේ ස්ථානයක් ලබා ගැනීමෙන්ය.ඒ ද මූලික තරගාවසානයේ 26 වන තැන සිටි ඉඳුවර අවසන් 24 දක්වා පැමිණියේ ඔහුට ඉදරියෙන් සිටි ක්‍රීඩකයින් දෙදෙනෙක්ම කළ ධාවනයන් අවලංගු කළ බැවින්ය.
මූලික තරගවලදී මලිත් තත්පර 21.23 ක දස්කමක් ද,ඉඳුවර තත්පර 21.56 ක දස්කමක් ද දැක්වූ නමුත් අවසන් පූර්ව තරගවලදී ඔවුන් දෙදෙනාම වාර්තා කළේ තත්පර 21.93 ක දක්ෂතාවයක් පමණි.අවසන් පූර්ව තරග සඳහා සුදුසුකම් ලබා ගැනීමට අපොහොසත් වුවත් මීටර් 110 කඩුලු තරගයේ දී සඳුන් කෝසල තත්පර 14.04 ක දක්ෂතාවයක් සමඟින් සිය මූලික තරගයේ දී පස්වන තැනට පත් වූයේ තමන්ගේ පෞද්ගලික හොඳම දක්ෂතාවය ප්‍රදර්ශනය කරමින්ය.සඳුන් මීට පෙර දක්වා තිබුණු දක්ෂතාවය තත්පර 14.17 කි.
ඡායාරූපයේ සිටින්නේ අද තරග බිමට පිවිසෙන ශ්‍රී ලංකා මීටර් 100 කණිෂ්ඨ සහය දිවීමේ කණ්ඩායමය.
SOURCE: NMR (Journalist)
Social Plugin