ඇමෙරිකාවට චීනයට සම සමව රත්තරන්

 


ඇමෙරිකාවට චීනයට සම සමව රත්තරන්

අද ශ්‍රී ලංකාවේ වේලාවෙන් මධ්‍යම රාත්‍රිය පසු වී විනාඩි 30 න් ලෝකයේම අවධානය දිනා ගත් ඔලිම්පික් සැණකෙළියේ සමාප්තිය සටහන් වන්නට නියමිතය.මේ වන විට මෙවරත් ඔලිම්පික් සූරතාවයේ හිමිකාරීත්වය ඇමෙරිකා එක්සත් ජනපදය සතුව අවසන්ය.එහෙත් ඇමෙරිකාව සහ චිනය යන රටවල් දෙකම රන් පදක්කම් 40 බැඟින් දිනා ඇත.

රිදී පදක්කම්වලදී ඇමෙරිකාව සතුව පදක්කම් 44 ක් තිබෙන අතර චීනය සතුව ඇත්තේ රිදී පදක්කම් 27 ක් පමණි.මේ අනුව ඇමෙරිකාව රිදි පදක්කම්වලින් මෙන්ම සමස්ත පදක්කම් එකතුවෙන් ද චීනය පසු කර ප්‍රථිමයා වීමේ භාග්‍යයට ළඟා වී සිටියි. මෙහිදී මෙවර ඔලිම්පික් උළෙලේ එකතුව පදක්කම් 100 ඉක්මවා ගිය එකම රටද ඇමෙරිකාව පමණයි.

සමස්ත පදක්කම් සටහනට පහතින් පිවිසිය හැකිය.

https://bit.ly/46JJFGL