පන්දු යවන්නෙක් ලෙස කැදවීම් ලද මිලාන්ගේ පිත්ත කතා කරයි
එංගලන්තය සමඟ පැවත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය නිමාවන විට ශ්‍රී ලංකා පිතිකරුවන් ශ්‍රී ලංකාවට සතුටු විය හැකි කාර්යභාරයක් ඉටු කර තිබුණේ නැහැ.පළමු ඉණිමට වාර්තා වූයේ ලකුණු 236 ක් පමණයි.පළමුව කාසියේ වාසිය ලබා පන්දුවට පහර දීමට පැමිණි ශ්‍රී ලංකාවට ලකුණු 6 දී කඩුලු 3 ක් අහිමි වීම මේ කඩා වැටීමේ මුල වුණා.
එංගලන්තයට එරෙහිව පළමු ටෙස්ට් තරගයට කණ්ඩායමට පන්දු යවන්නෙක් ලෙස කැඳ වූ,සිය මංගල ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන මිලාන් රත්නායක පසුපෙළ ශක්තිමත් කරමින් එංගලන්ත පන්දු යවන්නන්ට එරෙහිව හතරේ පහර 6 ක් සහ හයේ පහර 2 ක් සමඟ ලකුනු 72 ක් ලබා ගනිමින් අපූරු ඉණිමක් දියත් කළා.ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩිම ලකුණුලාභියා වෙමින් ලකුණු 74 ක් ලැබූ නායක ධනංජය ද සිල්වා සමඟ මිලාන් 8 වන කඩුල්ලට ලකුණු 63 ක සබඳතාවයක් පැවත්වූවා.ඉනික්බිති ධනංජය නික්ම ගිය පසු නවවන කඩුල්ලට විශ්ව ප්‍රනාන්දු (13) සමඟ තවත් ලකුණු 50 ක් එක් කරන්නට දායක වුණා.ඒ නිසා ශ්‍රී ලංකා ඉණිමේ සියලු කඩුලු අහිමි වන විට ලකුණු පූවරුවට 236 ක් එක් වී තිබුණා.
එංගලන්තය වෙනුවෙන් ක්‍රිස් වෝකස් ලකුණු 33 ට කඩුලු 3 ක් දවා ගත්තා,සොහීබ් බෂීර් කඩුලු 3 ක් දවා ගත්තේ ලකුණු 55 ක් ලබා දෙමින්.විශේෂයෙන් බෂීර්ගේ සාර්ථකත්වය සම්බන්ධයෙන් සැළකිල්ල යොමු කිරීමෙන් විය හැකි තත්ත්වයක් පෙන්නූ ශ්‍රී ලංකා පන්දු යවන්නෝ දිනය නිමා වීමට පෙර පැවති සූළු කාලය තුළ පන්දු යැවීමේ ආරම්භය ලබා ගත්හ.
SOURCE: N.M.R (Journalist)
Social Plugin