හෙට භාර අයගේ ලෝකය සමඟ හැප්පෙන්න අද මෙරොන්,දිනෙත් සහ මධුශානි සූදානමින්
පේරු හී අගනුවර වන ලීමා කේන්ද්‍ර කරගෙන ඇරඹෙන අවුරුදු 20 න් පහළ ලෝක මලල ක්‍රීඩා සූරතාවලියේ පළමු දිනය වන අද රාත්‍රී 7.45 ට කාන්තා දුර පැනීමේ ඉසව්ව පැවත්වෙනු ඇත.එහිදී නෙත්මිකා මධුශානි ශ්‍රී ලංකාවේ පළමු නියෝජනය ලෙස අද තරග බිමට පිවිසෙනු ඇත.සුදුසුකම් ලැබීමේ දෙවන කාණ්ඩයේ සිටින මධුශානි මේ දක්වා වාර්තා කර තිබෙන හොඳම දක්ෂතාවය වන්නේ මීටර් 6.20 ක් වන අතර අද ඇයට සුදුසුකම් ලැබීමේ වටයෙන් අවසාන තරගයට තෝරා ගනු ලබන අට දෙනා අතරට එන්නටනම් ඊට වඩා දිගු පිම්මක් පැනීමට සිඳුවන්නට ඉඩ ඇත.
පිරිමි මීටර් 100 මූලික තරග රාත්‍රී 9.30 ට පැවත්වෙන අතර එහිදී මීටර් 100 සිව්වන මූලික තරගයට තරග වඳින මෙරොන් විජේසිංහට සිය හොඳම දක්ෂතාවයට පිවිසෙන්නට සිඳු වනු ඇතැයි සිතිය හැකිය.ඔහුගේ හොඳම කාලීන දක්ෂතාවය සහ හොඳම පෞද්ගලික දක්ෂතාවය වන්නේ තත්පර 10.52 කි.එම කාලය අනෙක් තරගකරුවන් හා සසඳද්දී කාලීන හොඳම දක්ෂතාවය ඔහුට වඩා පසුපසින් ඇති එක් අයෙක් පමණක් සිටිනු දැකිය හැකිය.ඒ නිසා මේ තරගයේ තරගකාරීත්වය අනුව මෙරෝන් ඉතා හොඳ කාලයක් වාර්තා කළ යුතුව ඇත
දිනෙත් වීරරත්නගේ සහභාගීත්වය සිඳුවන්නේ හයවන මූලික තරගයටය.දිනෙත් වාර්තා කර තිබෙන හොඳම කාලය මෙන්ම පෞද්ගලික දක්ෂතාවය ද වන්නේ තත්පර 10.47 කි.ඒ අනුව ගත් කළ දිනෙත්ට වඩා පහළ මට්ටමේ කාලයන් වාර්තා කළ තිදෙනෙක් ද එම මූලික තරගයට සහභාගි වීම දිනෙත්ට සැනසිල්ලක් වුව,ඔහු ද තවත් වඩා හොඳ මට්ටමක කාලයක් මේ තරගයේ දී වාර්තා කිරීම අත්‍යවශ්‍යය සාධකයක් වනු ඇත.
පේරු හී පවතින සිසිල් දේශගුණික තත්ත්වය යටතේ ශ්‍රී ලංකාවේ දී නුවරඑළිය වැනි ප්‍රදේශයක පහසුකම් තිබුණානම් මේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට මීට වඩා පහසුවෙන් තරගයට මුහුණ දෙන්නට තිබිණ.ඒ සඳහා යම් හුරුවක් ලබන්නට මේ තිදෙනා මුලින් පිටත් කළ ද,විවිධ හේතු නිසා ඔවුන්ට වැඩි කාලයක් ඉතාම අසීරු සහ අපහසු තත්ත්වයන් යටතේ තූර්කියේ ගත කරන්නට සිඳු විය.මේ සම්බන්ධයෙන් මේ වන විටත් සිඳු වූයේ කුමක් ද යන්න ගැන ක්‍රීඩා අමාත්‍යංශය හෝ ශ්‍රී ලංකා මලල ක්‍රීඩා සංගමය පරීක්ෂණයක් කරන බව හෝ සිඳු වූ දේ පිළිබඳව සමාජයට තොරතුරු කියා නැත.
SOURCE: N.M.R (Journalist)
Social Plugin