තරුශිට අද තව අවස්ථාවක්
තරුශි කරුණාරත්න සිය මූලික තරගයේදී අනපේක්ෂිත පසුබැමකට ලක්ව අවසාන ක්‍රීඩිකාව ලෙස තරගය නිමා කළ ද,අද (අගෝස්තු 3) පස්වරු 2.50 ට පරාජිතයින් පෙරට ගෙන ඒමේ අපේක්ෂාවෙන් පවත්වන තරග වටයේ දී තරුශි සිව්වන මූලික තරගයට මුහුණ දෙන්නේය.ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ මූලික තරගවලදී සිදු විය හැකි අනපේක්ෂිත පසුබෑම් ආදිය සැළකිල්ලට ගෙන සකසා ඇති මේ අවස්ථාව අතිශයින් අගය කළ යුතු අතර ඒ යටතේ පවත්වන මූලික තරග හතරේ පළමු වැන්නන්ද,එම සිව් දෙනාට අමතරව හොඳම කාලය වාර්තා කරන දෙදෙනෙක් ද අවසාන පූර්ව වටයට තෝරා ගන්නේය.
මූලික වයයේ තරග නිමා කිරීමේ දී තරුශි සිටින්නේ 45 වැන තැන වුව ද,ඒ ඇයගේ හොඳම දක්ෂතාවය නොවන බව අපි දනිමු.ඒ නිසා තව දුරටත් අවසාන තරගයට හෝ අවසාන පූර්ව තරගයට යා නොහැකි වුව ද,තරුශි ඇයගේ හොඳම පෞද්ගලික කාලය වාර්තා කරන ධාවනයක අද දවසේ යෙදෙන්නට මූලික තරගවල අත්දැකීම් සමඟ කටයුතු කරන්නට උත්සාහ කරනු ඇත.
පැරිස් ඔලිම්පික් උළෙල නියෝජනය කළ තරුශි කරුණාරත්න මීටර් 800 ඉසව්වේ දී සිය මූලික තරගයේ දී බලාපොරොත්තු තබා සිටි දස්කම් දැක්වීමට අපොහොසත් විය.ඇය ඉතාම වේගවත් මූලික තරගයකට සහභාගි වූ අතර පළමු මීටර් 400 තත්පර 58.2 දී නිමා කරන්නට සිඳු විය.
ලෝකයේ ඉහළම මීටර් 800 ක්‍රීඩිකාවන් සමඟ පළමු වරට ධාවනයේ යෙදුණු තරුශි,ශ්‍රී ලංකාව පමණක් නොව ආසියානු ක්‍රීඩා උළෙලේ මීටර් 800 ජයග්‍රාහිකාව ලෙස ද මලල ක්‍රීඩාවේදී සමස්ත ආසියාවම සිටින තැන ද පැහැදිළි කළාය.තව දීර්ඝ කාලයක් මලල ක්‍රීඩාව වෙනුවෙන් දස්කම් දැක්වීමට කාලය ඉතිරි තරුශි,මේ ඉසව්වේදී පැහැදිළි කළේ සිය අනාගත තරග දිවියේ සාර්ථකත්වය උදෙසා ගැවසිය යුතු සටන් බිම ගැන ඉඟියකි.
මේ දක්වා ඇය මුහුණ දී සිටි තරගවලට අනුව වූ සියලු සැළසුම් පළමු මීටර් 400 දී ම බිඳ වැටීමෙන් ගොඩ නැඟුණු පීඩනය හිතට මෙන්ම හිත හරහා සිරුරටද කාන්දු වීම නොවැළක්විය හැකිය.ඒ අනුව ඇය දෙවන මීටර් 400 දී ආයාසයෙන් ඉදරි ක්‍රීඩිකාවන්ගේ පොකුරේ එල්ලී සිටින්නට ගත් උත්සාහය ව්‍යාර්ථ කරමින් ඇයගේ හොඳම දක්ෂතාවය නොව සාමාන්‍ය මට්ටමටත් වඩා පසුපසට තල්ලු විය.
විනාඩි 2:07.76 තරුශිගෙන් බලාපොරොත්තු විය නොහැකි මට්ටමේ දස්කමකි.එහෙත් බලාපොරොත්තු ඇති කර ගන්නට හැකි ඇය පෙන් වූ දක්ෂතාවල වර්ධනයක් දැකීමට ඇයගේ ඉදිරි හැකියාවන්ට අවශ්‍යය තරග භූමිය ආසියාව නොවන බව අපි නිතර කීවෙමු.අද ඇයගේ තරගයෙන් එය වඩාත් පැහැදිළි විය.මේ තත්ත්වය “ලංකාවෙ දිව්වට ඉන්ටර්නනැෂනල් ගියහම ඔච්චරයි” වැනි මුග්ධ අදහස් කියන්නට තර්ක ගොඩ නඟන නිලධාරීන් ඉදිරියේ තරුශීව රැක ගැනීමට පුරවැසියා මැදිහත් විය යුතු අතර ඇයට තව දුරටත් මේ ඔලිම්පික් බිමේ අවස්ථාවක් තිබෙන අතර එය අද ක්‍රියාත්මක වීමට නියමිතය.
Social Plugin