නිසල - පැතුම් එංගලන්තය සසල කරවීමට කැඳවති
මෙවර ඉන්දියානු සංචාරය සඳහා නම් කර ඇති ශ්‍රී ලංකා කණ්ඩායමට දකුණතින් මද වේග පන්දු යවන නිසල තාරක කැඳවා තිබෙනවා.2011 වර්ෂයේ සිට පළමු පෙළ අත්දැකීම් ඇති ක්‍රීඩකයෙකු වන නිසල තාරක දැනට 33 හැවිරිදි වියේ පසුවන අතර වර්ථමානයේ ඔහු සිංහල ක්‍රීඩා සමාජය වෙනුවෙන් ක්‍රීඩා කරනවා.
නිසල තාරක වගේම කලකට පසුව ශ්‍රී ලංකාවේ එක්දින කණ්ඩායමේ සහ විස්සයි විස්ස කණ්ඩායමේ ඉහළම පිතිකරු පැතුමක් වන පැතුම් නිශ්ශංක ට ද ටෙස්ට් සංචිතයේ ඉඩක් වෙන් කරන්නට තේරීම් කමිටුව තීරණය කර තිබෙනවා.
ධනංජය ද සිල්වාගේ නායකත්වයෙන් යුත් මෙම කණ්ඩායමට මෑථ කාලයේ ආරම්භක පිතිකරුවන් ලෙස විශාල වගකීමක් ඉටු කළ දිමුත් කරුණාරත්න සහ නිශාන් මධුශ්ක සමඟ පිතිකරු බල ඇණිය ශක්තිමත් කරන්නට පළපුරුදුම ක්‍රීඩක යුගලය වන දිනේෂ් චන්දිමාල් සහ ඇන්ජලෝ මැතිව්ස් ද කැඳවා තිබෙනවා.
කමිඳු මෙණ්ඩිස්,කුසල් මෙණ්ඩිස්,සදීර සමරවික්‍රම වැනි පිතිකරුවන්ගෙන් පොහොසත් ශ්‍රී ලංකා සංචිතයට ප්‍රභාත් ජයසූරිය ප්‍රමුඛ කර ගත් දඟ පන්දු යවන්නන් හැටියට කැදවා තිබෙන්නේ රමේස් මෙණ්ඩිස්,ජෙෆ්රි වැන්ජර්සේ වන අතර වේග පන්දු යවන්නන් ලෙස කසුන් රාජිත,ලිහිරු කුමාර,මිලාන් රත්නායක වැනි ක්‍රීඩකයින් ඇතුළත් වන අතර මෙවර එංගලන්ත ප්‍රාන්ත තරග ක්‍රීඩා කරමින් අත්දැකීම් උපයාගත් විශ්ව ප්‍රනාන්දු ද ශ්‍රී ලංකා කණ්ඩායමේ වේග පන්දු බල ඇණියට එක් කර තිබෙනවා.
Social Plugin