විරේන්ට ඔලිම්පික් තරග බිමේම ක්‍රීඩා කරන්න ඉඩක්

 


විරේන්ට ඔලිම්පික් තරග බිමේම ක්‍රීඩා කරන්න ඉඩක්

ශ්‍රී ලංකාව නියෝජනය කරමින් පැරිස් ඔලිමිපික් ක්‍රීඩා උළෙලට සහභාගි වන විරේන් නෙත්තසිංහට තරග පැවත්වෙන ස්ථානයේම පුහුණුවීම් කිරීමට දුලබ අවස්ථාවක් හිමිව තිබෙනවා.මේ සඳහා රටක් වශයෙන් එක් ක්‍රීඩකයෙකුට වඩා නියෝජනයක් ඇති රටක් හැටියට තායිලන්තයට ලැබුණු අවස්ථාවට,ඔවුන් තරගාවලියට සහභාගිවන ලාබාලතම ක්‍රීඩකයා වන විරේන් නෙත්තසිංහ ද සහභාගි කරවා ගෙන තිබෙනවා.

මේ සමඟ දැක්වෙන්නේ විරේන් එම ස්ථානයේ පුහුණුවිම් කරන අතරතුර ගත් ඡායාරූප කිහිපයක් වන අතර ඔලිම්පික් තරග සඳහා සහභාගිවන ඇතැම් ක්‍රීඩකයින් ඒ සඳහා සියලු පහසුකම් ඇතිව පුහුණුවීම් සඳහා සකස් කර ඇති පුහුණුවීම් මධ්‍යස්ථානයේ මාසයක පමණ කාලයක සිට පුහුණුවෙන බව ප්‍රංශ ආරංචි මාර්ග සනාත කරනවා.