පැරිසියේදී ගංඟා එක වුණත් සමස්ත ප්‍රතිපලයේ 30 වන තැන
පැරිසියේ පැවත්වෙන ඔලිම්පික් තරගාවලිය නියෝජනය කරන ගංඟා සෙනවිරත්න,ඇය නියෝජනය කරන මීටර් 100 පසුපස ආර තරගයේ දී,ඇය නියෝජනය කළ මූලික තරගයේ දී විනාඩි 1;04.26 ක කාලයක් ගත කරමින් පළමු තැන ලද්දාය.එහෙත් ඇය සමස්ත මූලික තරග නිමාවේදී වාර්තා කර තිබුණු කාලය අනුව සිටින්නේ 30 වන තැනය.
(පහතින් සමස්ත ප්‍රතිපලවල සාරාංශයට (Summary) පිවිසෙන්න.→ https://bit.ly/3ydWIn5)
මෙම ඉසව්ව සඳහා ලෝක වාර්තාව ලෙස සැළකෙන්නේ තත්පර 57.13 කි.එම වාර්තාව උසුලන්නි ඇමෙරිකාවේ ස්මිත් රේගන් ද මේ මූලික තරගවලට සහභාගී වූවාය.ඇය මූලික තරග නිමාවේ තත්පර 58.45 ක දක්ෂතාවයක් දක්වා පස්වන මූලික තරගය ජය ගත්තාය.ඇය සමස්ත ප්‍රතිපල සටහනට අනුව දෙවන තැන සිටින්නීය.මූලික තරගවල හොඳම කාලය වාර්තා කර ඇත්තේ ද ඇමෙරිකානු ක්‍රීඩිකාවක වන බර්ක්ඔෆ් කැතරින් ය.ඇය වාර්තා කර ඇති කාලය 57.99 කි.
කෙසේ වුව ද ගංඟා මෙම තරගයේදී වාර්තා කරන ලද කාලය වන විනාඩි 1;04.26 ඇයගේ හොඳම කාලය වන අතර මීය පෙර ඇය දක්වා තිබුණු ඉහළම දක්ෂතාවය වූයේ විනාඩි 1:94.86 කි.ගංඟා මේ තරගයේදී ඇයගේ පළමු මීටර් 50 ක දුර තත්පර 31.25 දී නිම කරන්නට සමත් වූවාය.එම වේගය දෙවන මීටර් 50 දී වැඩි කර ගත හැකි ඇයට අභියෝගයක් වන තරගකාරියන් සිටින මූලික තරගයක සිටියානම් මීටර් 100 අවසාන කිරීමේ කාලය ඇය වාර්තා කර කාලයට වඩා හොඳ වන්නටත් තිබිණි.ඇය පසුපස ආර මීටර් 50 තරගයකදී වාර්තා කර ඇති හොඳම කාලය වන්නේ තත්පර 30.70 කි.
Social Plugin