ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් සංවිධානය කරන SLC T20 League තරගාවලියේ Team Blues සහ Team Greens අතර පැවති තරගයෙන් කඩුලු 4ක ජයක් වාර්තා කිරීමට Team Greens සමත් වුණා.
ඒ අනුව, තරගයේ කාසියේ වාසිය දිනාගත් Blues කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළ අතර, ඔවුන් පන්දුවාර 19යි පන්දු 4ක් අවසානයේ සියලු දෙනා දැවී ලකුණු 143ක් ලබා ගත්තා. පන්දුවට පහර දීමේදී පැතුම් නිශ්ශංක ලකුණු 28ක් සහ කුසල් පෙරේරා ලකුණු 24ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී Greens කණ්ඩායම වෙනුවෙන් චාමික කරුණාරත්න කඩුලු 3ක් සහ නුවන් තුෂාර, දුෂ්මන්ත චමීර, Traveen Mathew කඩුලු 2 බැගින් බිඳ හෙළීමට සමත් වුණා.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ Greens කණ්ඩායම පන්දුවාර 16 යි පන්දු 5 ක් අවසානයේදී කඩුලු 6 ක් පමණක් දැවී සිටියදී සිය ජයග්‍රාහී ඉලක්කය පසු කර යාමට සමත් වූ අතර, පන්දුවට පහර දීමේදී චාමික කරුණාරත්න ලකුණු 47 ක් සහ කමිඳු මෙන්ඩිස් ලකුණු 36 ක් ලබා ගත්තා.
පන්දු යැවීමේදී Team Blues වෙනුවෙන් දසුන් ශානක කඩුලු 3ක් සහ අකිල ධනංජය කඩුලු 2ක් බිඳ හෙළීමට සමත් වුණා.
Social Plugin