ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාම්භීර් අවසන් ටෙස්ට් තරගය පැවැත්වෙන ක්‍රීඩා පිටියේ භාරකරුට බැණවදියි


ඉන්දියාව සහ එංගලන්තය අතර තරග 5කින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ අවසන් ටෙස්ට් තරගය හෙට එංගලන්තයේ ලන්ඩන්හි ඕවල් ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි.

මෙම තරගය ඉලක්ක කර ගනිමින් පැවැති පුහුණු සැසියක් අතරවාරයේදී ඉන්දීය කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ගෞතම් ගාම්භීර් ඕවල් පිටිය අයත් සරේ ක්‍රීඩා සමාජයේ ප්‍රධාන ක්‍රීඩාංගණ භාරකරු සමග වාදයකට පැටලුණා.

එහිදී ඇඟිල්ල දිගුකරමින් ගෞතම් ගාම්භීර් ක්‍රීඩාංගණයේ භාරකරුට බැණ වදින්නේ තම කණ්ඩායමේ ක්‍රීඩකයින්ට ක්‍රීඩාංගණයේ සේවකයෙකුගේ උපදෙස් අවශ්‍ය නොවන බවටයි.

මෙහිදී තමාගේ සීමා සිට කටයුතු කරන ලෙසටයි ගෞතම් ගාම්භීර් ප්‍රධාන ක්‍රීඩාංගණ භාරකරු වූ ලී ෆෝටිස් වෙත වැඩිදුරත් පවසා තිබුණේ.