ප්‍රබල ඉන්දීය ක්‍රිකට් ක්‍රීඩකයෙකුට ස්ත්‍රී දූෂණ චෝදනා එල්ල වෙයි


රෝයල් චැලෙන්ජස් බැංගලෝර් කණ්ඩායම නියෝජනය කරන අයි.පී.එල් ක්‍රීඩක යෂ් දයාල්ට බරපතල දූෂණ චෝදනාවක් එල්ල වී තිබෙනවා.

වයස අවුරුදු 17ක දැරියකට ලිංගික අපරාධ කිරීම සම්බන්ධයෙන් ඔහුට චෝදනා එල්ල වී තිබේ.

ඉන්දීය මාධ්‍ය වාර්තා කර ඇත්තේ ඔහුට එරෙහිව ජායිපූර්හිදී නඩු පවරා ඇති බවයි.

මොහු විසින් අදාළ බාලවයස්කාර දැරිය වසර දෙකක කාලයක් මුළුල්ලේ දූෂණය කළ බවට චෝදනා එල්ල වී තිබේ.

තවත් කාන්තාවකට ලිංගික අතවර කිරීමේ චෝදනාව මත දයාල් අත්අඩංගුවට ගැනීම අලහබාද් මහාධිකරණය විසින් අත්හිටුවා සති කිහිපයකට පසුව මෙය සිදුවීම විශේෂත්වයකි.