ඉතාලි ක්‍රිකට් කණ්ඩායමට පෙරළිකාර ජයක්


විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සඳහා සුදුසුකම් ලැබීම වෙනුවෙන් පැවැත්වෙන Europe Qualifier තරගාවලියේදී ස්කොට්ලන්ත කණ්ඩායම සමඟ පැවති තරගය ලකුණු 12 කින් ජයග්‍රහණය කිරීමට ඉතාලි කණ්ඩායම ඊයේ (09) සමත් වුණා.

තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ඉතාලි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 6ක් දැවී ලකුණු 167ක් රැස් කිරීමට සමත් වුණා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ස්කොට්ලන්තයට පන්දුවාර 20 අවසානයේ රැස්කරගත හැකි වූයේ ලකුණු 155ක් පමණි.