ශ්‍රී ලංකා – බංග්ලාදේශ පළමු විස්සයි විස්ස ගැටුම අදයි


ශ්‍රී ලංකාව සහ බංග්ලාදේශය අතර පැවැත්වෙන තරග 03 කින් සමන්විත 20 යි 20 තරගාවලියේ පළමු තරගය අද රාත්‍රී 07ට මහනුවර පල්ලේකැළේ ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී ආරම්භ වීමට නියමිතයි. 

දෙරට අතර පැවති පන්දුවාර 20 තරගාවලි ඉතිහාසය තුළ කිසිදු අවස්ථාවක බංග්ලාදේශ පිලක් ශ්‍රී ලංකාව හමුවේ තරගාවලියක් ජයගෙන නොමැත.

නමුත් අවසන් වරට පසුගිය වසරේදී දෙපිල මුණ ගැසුණු අවස්ථා 04 කදීම තරග දෙක බැගින් ජයගෙන තිබුණා. 

කෙසේ වෙතත් දෙරට මුණ ගැසී ඇති අවස්ථා 17 කදී අවස්ථා 11 ක් ජයගෙන ඇත්තේ ශ්‍රී ලංකාවයි. බංග්ලාදේශයට ජය ගැනීමට හැකි වී ඇත්තේ තරග 06 ක් පමණයි.