සනත් සාධකය සමඟ,වසර 27 ට පසු ඉන්දියාව පරාජය කළ තරගාවලිය
සනත් නිසා දිනුවා කියන්නත් බැහැ.නොදිනුවා කියන්නත් බැහැ.ක්‍රීඩා ශෛලියේ මහා වෙනස්කමක් කරන්නට නොහැකි වුවත්,සනත් ක්‍රීඩාව තුළ හිතන පතන හැටිනම් වෙනස් කර තිබෙන බව එක්දින තරගාවලියේ දී දකින්නට ලැබුණා.විශේෂයෙන් පන්දු ඕවර් 50 ක් පහර දෙන්න කල්පනා කරපු කණ්ඩායමකට ඒ ඉවසීම එක්ක කටයුතු කරන්න දඟ පන්දු යැවීමට සුදුසු සහ මන්දගාමීත්වය සහිත තණතිලි ලැබී තිබුණා.
මේ සාධක එක්ක ප්‍රබල ඉන්දියාව පාලනය කරන්න ලැබුණු හොඳම අවිය හැටියට ලාංකේය දඟ පන්දු යවන්නන් ක්‍රියා කළා.ලකුණු තත්ත්වය සම වූ තරගයේ දී අසිත ප්‍රනාන්දු සමඟ පන්දු යැවීමට මොහොමඩ් සිරාස් වේග පන්දු යවන්නෙක් හැටියට යොදා ගත්තත්,සෙසු තරගවල ශ්‍රී ලංකාව එක වේග පන්දු යවන්නෙක් පමණක් ලෙස අසිතව පමණක් යොදා ගත් ආකාරයක් දකින්නට තිබුණා.
එසේම මෙහි වැදගත්ම කාරණය ශ්‍රී ලංකාවේ ක්‍රිකට් ඉන්දියානු ක්‍රිකට් ඉදිරියේ පහත වැටුණු නරකම කාලය ලෙස බොහෝ දෙනෙක් වර්ථමානය හඳුන්වා දෙන්නට උත්සාහ කළ ද,ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර පැවති තරගාවලියකදී ශ්‍රී ලංකාව එක්දින තරගාවලි ජයක් මේ ආකාරයට ලබා ගෙන ඇත්තේ වසර 27 ට පසුව වීමයි.දෙරට ඇතුළත් වෙනත් කණ්ඩායම් ද සහභාගි වූ තරගාවලි ජයග්‍රහණය කරන්නට ශ්‍රී ලංකාව සමත් වුවත්,දෙරට අතර පැවති තරගාවලයක් 1997 න් පසුව ජය ගන්නට ඉන්දියාව, ශ්‍රී ලංකාවට ඉඩ ලබා දී නැත.
විස්තරයට → https://es.pn/3SH9rFQ
ඒ නිසා බලය කේන්ද්‍ර කර ගනිමින් ක්‍රිකට් පවතින ව්‍යහුය යටතේ බලයට ඒමට නොහැකි පිරිස් දේශපාලනය යොදා ගෙන බලයට ඒම සඳහා දරන ප්‍රයත්නයකදී වත්මන් ක්‍රිකට්වල කළු ඉලීම හැරෙන්නට, පෙන්නන තරම් යකා කළු නැති බව ඉතිහාසය විසින් පැහැදිළි කර දෙන විශිෂ්ඨ ජයක් චරිත් අසලංකගේ නායකත්වය යටතේ ශ්‍රී ලංකාව අත්පත් කර ගත් බව අප පිළිගත යුතුය.
එහෙත් සනත් ජයසූරිය ආකල්පමය වශයෙන් ඇති කළ වෙනස සහ මේ පරිසරයට වඩා සපුරා වෙනස් එංගලන්ත සංචාරයට මුහුණ දීමේ අභියෝගය ජයගන්නේ කෙසේද යන්න ඔහුගේ පුහුණුකරු වගකීමේ පරීක්ෂණය වනු ඇත.මේ වන විට එක්දින සහ විස්සයි විස්ස ආකෘතිවලට වඩා යම් ආකාරයකින් ඉදිරිය දරා සිටින ටෙස්ට් තරග අත්දැකීමකට කලකට පසුව මුහුණ දෙන ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්තය ඉදිරියේ වෙනස් පරිසරයක කුමනාකාරයෙන් මුහුණ දෙයිද යන ගැටළුව සනත්ව පරීක්ෂණයකට භාජනය කරනවා ඇත.
ඒ සංසන්දනය පරීක්ෂණයෙන් පසුව ප්‍රතිපල මත තීරණය වීමට දී,ශ්‍රී ලංකා කණ්ඩායම වසර 27 ට පසුව ලද ශ්‍රී ලංකාව ලද ජයග්‍රහණයේදී සම වූ අපූරු තරගය මෙන්ම සෙසු තරග දෙකේදී ද ශ්‍රී ලංකාව පළමුව පන්දුවට පහර දීම යම් ආකාරයක වාසි සහගත තත්ත්වයක් ඇති කළ බව පිළිගත යුතුය.සෙමින් සිඳුවන දඟකැවීමේ විශාලත්වය හැම විටම තරගයේ දෙවන භාගයේ ඉන්දීය ඉණිමේ පසුපසට වන්නට මේ තරග තුනේම ඇති කළ පීඩනය කලකට පසුව මුහුණ දුන් නරකම අත්දැකීම වූවා නිසැකය.පළමු තරගයේ දි වනිඳු හසරංග සහ චරිත් අසලංක ප්‍රමුඛවත්,දෙවන තරගයේ දී ජෙෆ්රි වැන්ඩර්සේ ප්‍රමුඛවත්,තෙවන තරගයේදී දුනිත් වෙල්ලාලගේ ප්‍රමුඛවත් සිඳු කළ ඒ මෙහෙයුම අභිමුව ඉන්දීය මැද පෙළ වේගයෙන් කඩා වැටිණ.
ඓතිහාසික තරගාවල ජය සනාත කළ තෙවන තරගයේදී ශ්‍රී ලංකාවේ මැද පෙළට වන විටම ඉන්දීය දඟ පන්දු යවන්නෝ ශ්‍රී ලංකාවට තර්ජනයක් ඇති කරන්නට වූහ.විශේෂයෙන් තෙවන තරගය වන විට ඉන්දීය කණ්ඩායම, ප්‍රේමදාස තණතිල්ල තුළ සිය සම්ප්‍රදායික හැසිරීම වෙනස් කරන්නට වන තත්ත්වයකට පත් වී තිබිණ.මොහොමඩ් සිරාජ් පමණක් නිත්‍ය වේග පන්දු යවන්නා ලෙස යොදා ගනිමින්,සෙස්ස දඟ පන්දු යවන්නන්ගෙන් පිරිමහ ගන්නා තත්ත්වයකට ඉන්දියාවට පරිවර්ථනය වන්නට තිබිණ.
මේ බලපෑම ඉන්දියාවට ඇති කිරීම ජයග්‍රහණයකි.ජේ.ෂා වැන්නෙක් පදනම් කරගෙන ශ්‍රී ලංකාවට බලපෑමක් ඇති බව කියමින් සහ ශ්‍රී ලංකාව නියෝජනය කළ පමණින් සහ නායකත්වය දරා ජයග්‍රහණ ගෙනා පමණින්,ලංකාවේ ක්‍රිකට් ක්‍රීඩා කළ සෙසු සියල්ලටම වඩා පාලනයට සුදුස්සා ලෙස පෙනී සිටින අර්ජුන ජේ ෂාගෙන් උගත යුතු පාඩම හොඳම පාලකයා ක්‍රිකට් ක්‍රීඩා කර තිබිය යුතු නැත යන්නය.ඉන්දියාවේ බලපෑම් ගැන ඇත්තනම් ඒ බලපෑම සහ බලය ගොඩ නැඟී ඇත්තේ ඉන්දීය ක්‍රිකට් මතනම් ඒ පාලනය ෂා විසින් කෙතරම් දුරට සාක්ෂාත් කරගෙන ලෝක සූරයන් දක්වා ඉන්දියාව ඔසවා තබා ඇති බව අර්ජුන තේරුම් ගත යුතුය.එසේම ඔහු නායකයෙක්ව සිටියදී කණ්ඩායමට ලෝක කුසලානයක් ජයගන්න පරිසරය සකස් කළ ආනා පුංචිහේවා ද ක්‍රිකට් ක්‍රීඩකයෙකු නොවූ බවත්,මුරලි සහ ඒ සම්බන්ධ ඔහුගේ හැසිරීම සම්බන්ධයෙන් ශ්‍රී ලංකා ක්‍රිකට් පරිපාලනය ඒ මොහොතට මුහුණ දුන් ආකාරය නිසා අර්ජුනට,මුරලිට සහ ශ්‍රී ලංකා ක්‍රිකට්වලට ලෝක කුසලානය දක්වා ගිය ගමණට යන්නට පහසු වූ බවත් ඉතිහාසය නැවත කියවා අර්ජුන විසින් උගත යුතුව ඇත.
මේ ජයග්‍රහණය පිටුපස ඇති විශේෂම දෙය, ඉන්දියාව තරගාවලියට පෙර සිතා සිටි සැළසුම් අවසානය වන විට වෙනස් කර ගන්නට සිඳු වන තත්ත්වයට ගෙන ඒමයි.කණ්ඩායමේ සංයුතිය වෙනස් කිරීම දක්වා එය පෙරට පැමිණි අතර සමහර විට ඉඩක් තිබුණානම් සඟවා තිබුණු බුම්රා සහ රවීන්ද්‍ර ජඩේජා ද නැවත කැඳවිමට තීරණය කරන තත්ත්වයට ඉන්දියාව පත් වී තිබිණ.
තව දුරටත් මේ ජයග්‍රහණ සියල්ල කණ්ඩායම්වල හැකියාවන් හැටියට නොව,වෙනත් ඔට්ටු ඇල්ලීමේ සැළසුම් හැටියට කරළියට ගෙන එන්නට උත්සාහ දරන්නෝ ද සිටිති.ඔවුන් අර්ජුන සහ රොෂාන් රණසිංහ විසින් සකස් කර දුන් පෙට්ටියට දමා ශ්‍රී ලංකා ක්‍රිකට් වර්ථමාන හැඩය වල දමන්නට සුසානයට රැඟෙන යාමේ සමාජ මාධ්‍යය කොන්ත්‍රාත්තුවට දැන හෝ නොදැන සම්මාදම් වූ අයය.එහෙත් ඒ සියල්ල වෙනස් කරමින් අත් ට්‍රැක්ටර්වල සිට,ට්‍රැක්ටර්වල පැමිණ දඹුල්ලේ දී ආසියානු කාන්තා කුසලානය දිනන විට ශ්‍රී ලංකාවට හයියක්ව සිටි මහ සෙනඟ,ඊට වඩා වෙනස් ප්‍රවාහන මාධ්‍ය භාවිතයට ගනිමින් ප්‍රේමදාස ක්‍රීඩාංගණයටත් පැමිණ සිටියහ.
ආසියානු කුසලාන අවසාන මහා තරගයේදී ශ්‍රී ලංකා කණ්ඩායමකට මැත දී විඳින්නට සිඳු වු අවමන් සහගතම පරාජය උරුම කරන්නට මුල් වූ මොහොමඩ් සිරාජ් වෙනුවෙන් සහ ඉන්දියාව වෙනුවෙන් තරග පිටිය සකස් කළ බවට ප්‍රේමදාස ක්‍රීඩාංගණයේ කම්කරුවන්ගේ ජීවිතවලටද තර්ජනයක් අවනම්බුවක් වන විදිහට කතා කළ අර්ජුන රණතුංග වැන්නන්,මේ තරගාවලියේ දී ශ්‍රී ලංකාව ඉදිරියේ සිය කණ්ඩායම් සංයුතිය සහ සැළසුම් පවා වෙනස් කරන්නට සිඳු වූ ඉන්දියාවට එරෙහිව,තරගාවලි ජයක් කරා යන්නට සකස් කළ තණතිලි සම්බන්ධයෙන් ප්‍රේමදාස ක්‍රීඩාංගන ක්‍රීඩකයින් ගැන කිසිවක් කියන්නේ නැත.
හැම මොහොතකම ඒ මොහොතට අදාළ දේ නිවැරදිව සිඳුවන්නේනම් සහ ක්‍රීඩකයින් ආකල්ප අතින් වෙනස් තැනක සිට ඒ මොහොතට නිවැරදිව මුහුණ දෙන්න සූදානම්නම් බොහෝ දේ වෙනස් වනු ඇත.ක්‍රීඩකයින් ඒ සඳහා සූදානම් කිරීමේ දැඬිබව මේ තරගාවලියේදී සනත් ජයසූරියගේ මුහුණින් දකින්නට ලැබිණ.තිළිණ කණ්ඩම්බි පිතිකරු පුහුණුකරු වශයෙන් විස්සයි විස්ස තරගාවලියේ මාධ්‍ය සාකච්ඡාවකට පැමිණ කණ්ඩායම සම්බන්ධයෙන් කළ ප්‍රකාශය ද ඒ සනත්ගේ මුහුණේ ලියැවි දැඬි බව කියා පෑමකි.
ක්‍රිකට් වෙනුවෙන් සල්ලිවලට නිශ්චිත අගයක් එන ආදරය එන්නේ ජයග්‍රහණ තුළින් බව මේ මොහොතේදී හෝ ක්‍රීඩකයින් තේරුම් ගත යුතුය.කෝට් ගණනක් උපයා මහ ජනතාව ඉදිරියේ මුහුණ දෙන්නට නොහැකි අන්දමේ වගකීම් විරහිත ක්‍රීඩා රටාවක නියැලෙනවානම් තමන්ගෙන් පසු පරම්පාරාවට කරන ඒ හානිය කෝටි ප්‍රකෝටි ගණනින් ගෙවා හෝ ලබා ගත නොහැකි බව වටහා ගත යුතුය.වර්ථමානයේ ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ සිටින බොහෝ ක්‍රීඩකයින් තමන්ගේ පාසල් වියේ ක්‍රිකට් හැකියාව පෝෂණය කර ගන්නට මුදල් හිඟකමේ පිඩාවෙන් තදින්ම බැට කෑ අය බව අපි දනිමු.ඒ නිසාම ඔවුන් ක්‍රිකට්වලින් ඒ හිඟව පැවති මුදල් හොඳින් උපයා ගන්නට පටන් ගත් විට සියල්ල මුදල් මත සිඳු කළ හැකිය යන මතයේ සිට වැඩ කරන බව ඔවුන්ගේ පෞද්ගලික ජීවිතවලට එබි බලන විට පැහැදිළිය.මේ ආකල්පවලට පහර දි තලා හැඩය වෙනස් කිරිම සහ කළමණාකරුවන් අධීක්ෂණය සඳහා ශ්‍රී ලංකා ක්‍රිකට් විසින් සකස් කරමින් තිබෙන නව වැඩ පිළිවෙල සමඟ තවත් බොහෝ දේ වෙනස් වනු ඇත.මේ තරගාවලිය තුළ ක්‍රීඩකයින්ගේ හැසිරීම් රටාවන් සහ තරග රටාවන්වලින් ඉහත කී වෙනස සඳහා යම් ප්‍රවේශයක් දකින්නට තිබීම සංස්කෘතිමය වශයෙන් ක්‍රිකට් ජයග්‍රහණය කිරීමේ වැඩ පිළිවෙලට පිවිස සිටින බව දැක ගන්නට ලැබීමකි.
අවිශ්ක ප්‍රනාන්දු මේ තරගාවලියේ අවසාන තරගයේ වීරයා විය හැකි ඉණිමක් ක්‍රීඩා කිරිම වැදගත්ය.කුසල් මෙණ්ඩිස් වෙනස් ක්‍රීඩකයෙක් ලෙස හැසිරිණි.වැන්ඩර්සේ කලකට පසුව පැමිණ නැවත සිය අනන්‍යතාව සනාත කළේය.වෙල්ලාලගේ සම්බන්ධයෙන් වන බලාපොරොත්තු සහගත අදහස් ප්‍රලාප නොවන යථාර්තයක් වන අනාගතයක් වෙත තල්ලු කර හැරියේය.පැතුම් ඔහු ගැන ඇති පැතුම් රැක දුන්නේය.අසලංක ඉවසීමෙන් වැඩ කළ හැකි නායකයෙක් බව පෙන්නුම් කරමින් විස්සයි විස්ස තරග ආකෘතියේ ලද දැවන්ත පරායෙන් පසුව වෙනම අයෙකු ලෙස එක්දින තරගාවලියේ දී නැඟී සිටියේය.එහෙත් පිතිකරුවෙකු ලෙස ඔහුගෙන් අවශ්‍යය ඉණිම ගැන සෑහීමකට පත් විය නොහැක.
තිළිණ කණ්ඩම්බි මතු කළ අදහසට අනුව පිතිකරුවන් නොව තවත් ආදේශ ඇති තරම් ශ්‍රී ලංකාවට ඇති බවත්,ඒ තරගකාරීත්වය ජය ගන්නවා විනා නිශ්චිත තත්ත්වයක් කිසිවෙකුට නැති බවත් මේ තරගාවලියේදී දකින්නට ලැබුණු හොඳ තත්ත්වයකි.දක්ෂතා රඳවාගන්නට හැකි අයෙකුට කණ්ඩායමේ සිටිය හැකිය යන පණිවිඩය ක්‍රීඩකයින් තුළ තැන්පත් කරමින් නිමා වූ ඓතිහාසික ජයකින් කෙළවර වූ තරගාවලියේ ජයග්‍රහණය සනාත කළ අවසාන තරගයේ ලකුණු සටහනට පහතින් පිවිසෙන්න.
https://es.pn/3WFcEqE
Social Plugin