විරෙන්ට ජයක් නැතුවම ලා චැපල් ඇරීනාවට සමු දෙන්න සිදු වෙයි.

 


විරෙන්ට ජයක් නැතුවම ලා චැපල් ඇරීනාවට සමු දෙන්න සිදු වෙයි.

සිය පළමු ඔලිම්පික් අත්දැකීමේ පීඩනය,කුතුහලය සහිත ආගන්තුක බවින් යුතුව සිටි විරේන් නෙත්තසිංහ,තමාගේ වයසට වඩා වයසේ දෙගුණයකට ආසන්න ස්පාඤ්ඤයේ පැබ්ලෝ එබියන් ඉදිරියේ 2- 0 ක් ලෙස පරාජයට පත් වූවාය.මිට පෙර විරේන් ඉදිරියේ පරාජයට පත්ව සිටි ක්‍රීඩකයෙකු වුව,ඔහුගේ ඔලිම්පික් අත්දැකීම මෙන්ම එහි ඇති සුපුරුදු වාතාවරණයට ද පහසුුවෙන් ඔරොත්තු දිය හැකි පැබ්ලෝ,තමන්ගේ අත්දැකීම් සහ විරොන්ගේ කෝඩුකාරකම අතර ඇති පරතරය පියවා ගන්නට සමත් විය.විනාඩි 16 දී නිමාවට පත් වූ එම තරග වටය විරේන් පරාජයට පත් වුණේ 21 – 9 ක් ලෙසයි.

දෙවන වටයේ දී වඩාත් සංසුන් වූ විරේන් එම තත්ත්වයන්ට අනුවර්ථනය වෙමින් පැබ්ලෝට හොඳ තරගයක් ලබා දුන්න ද එම තරග වටයද විනාඩි 22 දී නිමාව දකින විට විරෙන්ට වට 2-0 ක් ලෙස පරාජය අත් වී තිබිණ.එම වටයේ ලකුණු තත්ත්වය 21-9 ක් ලෙස පැබිලෝ ඉදිරියෙන් තැබුවේය.