ජූලි 25 ඇරඹෙන ප්‍රවීන බැඩ්මින්ටන් තරගාවලියට රටවල් 11 ක් - තරගකරුවන් 536 ක්

ජූලි මස 25 වැනිදා සිට 28 වැනිදා දක්වා පැවත්වීමට නියමිත සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් තරගාවලිය සඳහා ඔස්ට්‍රේලියාව, කැනඩාව, චීනය, ඉන්දියාව, ඉන්දුනීසියාව, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, නෝර්වේ, මැලේසියාව, ශ්‍රී ලංකාව සහ ඇමරිකා එක්සත් ජනපදය ඇතුළු රටවල් 11කින් එන තරගකරුවන් 536ක් සමඟින් සහභාගිවීමට නියමිත බව සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සංලමය පවසනාවා.ජාතික ආර්තිකයේ නැඟී සිටීමට උර දෙන තරගාවලියක් ලෙස මෙම තරගාවලිය වෙනුවෙන් පැමිිණෙන විදෙස් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට විචිත්‍රවත් අත්දැකීමක් සමග ශ්‍රී ලංකාවට ආවේනික ඉහළම ආගන්තුක සත්කාරයද ලබා දීමට ශ්‍රී ලංකා මාස්ටර්ස් බැඩ්මින්ටන් සෑම උත්සාහයක්ම දරන බව ද සංවිධායක මණ්ඩාලය පෙන්වා දෙනවා.

ජුලි 25 වැනි දින පෙරවරු 8.00 ට වෙළෙඳ සේවා බැඩ්මින්ටන් පිටියේදී දැවැන්ත සමාරම්භක උත්සවයකින් තරගාවලිය ආරම්භ වීමට නියමිතය. සමාප්ති උත්සවය ජුලි 28 වැනිදා පස්වරුවේ පැවැත්වීමට නියමිත අතර, අනතුරුව සියලුම ක්‍රීඩකයින් සහ නිලධාරීන්ට උපහාර පිදීම සඳහා සමුගැනීමේ රාත්‍රී භෝජන සංග්‍රහයක්ද සූදානමින් පවතින්නේය.තරගකාරීත්වය මෙන්ම තරග ප්‍රමාණය ද ඉහළින් රැඳෙනු ඇති නිසා දින හතර පුරා වෙළෙඳ සේවා බැඩ්මින්ටන් පිටියේ සහ ඔටර්ස් පිටියේ තරග සංවිධානය කිරීමට කටයුතු යොදා තිබෙනවා.

තරඟාවලිය ජාත්‍යන්තර ප්‍රමිතීන්ට අනුකූල වන බව සහතික කිරීම සඳහා, සංවිධායකයින් විසින් උසස් තත්ත්වයේ තාක්ෂණික සහාය තරගාවලියට එකතු කර තිබේ. ජාත්‍යන්තර තීරක ලක්ප්‍රිය එදිරිසිංහ ප්‍රමුඛ ඉහළ සුදුසුකම් ලත් නිලධාරීන් කණ්ඩායමක් විනිසුරු සහ රේඛීය විනිශ්චයන් අධීක්ෂණය කරනු ලබන අතර තරඟාවලියේ තරග අධ්‍යක්ෂවරයා ලෙස හිටපු ජාත්‍යන්තර විනිසුරුවරයෙකු වන අජිත් විජයසිංහ කටයුතු කරයි.

සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් සභාපති රොහාන් ද සිල්වා මහතා විසින් සංවිධායක කමිටුව මෙහෙයවනු ලබයි. ඔහුට සුමුදු කුමාරසිංහ, ජාලිය ජයසේකර, තරංග පෙරේරා, රොහාන් ප්‍රනාන්දු, සහන් ප්‍රදීප්, සුගත් තල්වත, චන්ද්‍රිකා ද සිල්වා, ලක්ෂ්මි පුංචිහේවා, ලලිත් යටිවැල්ල, මංගල ගමගේ, ප්‍රියංක අබේරත්න, සේනක අබේරත්න, සේනක අත්හර්තනාය, සේනක අත්තනායක,වන්ඩා ඉන්ග්‍රම්, සචිත්‍ර විදානගම, සහ නිශාන්ත ජයමාන්නගේ වැන්නෝ සහයෝගයට එකතු වී සිටිති.
සියලුම ජයග්‍රාහකයින්ට ත්‍යාග මුදල් සහ පදක්කම් පිරිනැමෙන අතර,ජය හා පරාජයට අමතරව ලොව පුරා සිටින ඉහළ පෙළේ දක්ෂතා සහිත ප්‍රවීන ක්‍රීඩකයින්ට බැඩ්මින්ටන් සමඟ හිත් පුරා රැඟෙන යන්නට ජාත්‍යන්තර සුහදත්වය සහිත ලාංකේය මතකයන් පිරුණු අත්දැකීමක් ලබා දෙමින් සිලෝන් මාස්ටර්ස් බැඩ්මින්ටන් තරඟාවලිය ඔවුන්ගේ ජීවිත පුරා සදානුස්මරණිය මතකයක් කිරීම සංවිධායකයන්ගේ අරමුණ වී ඇත.

- NMR