Goat Cup සහ Goat Concert සඳහා ලියොනල් මෙසි ඉන්දියාවට


ලියොනල් මෙසී මේ වසරේ දෙසැම්බර් 12 වනදා ඉන්දියාවේ සංචාරයක නිරත වීමට නියමිත විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

එම සංචාරයේදී කොල්කටා, නව දිල්ලි, අහමදාබාද් සහ මුම්බායි වල මෙසී සංචාරය කිරීමට නියමිත බව එම වාර්තාවල සඳහන් වේ.

එහිදී බොහෝ දුරට කොල්කටාවේ ඊඩ්න් ගාඩ්න්ස් ක්‍රීඩාංගනයේ දී Goat Cup නමින් පාපන්දු තරගයක් සහ Goat Concert ලෙස මෙසී සමග උත්සවයක් පැවැත්වීමටත් සැලසුම් කර තිබේ.

එම සංචාරය අතරතුරදී ජනප්‍රිය ක්‍රිකට් තරු වන සචින් තෙන්දුල්කාර්, එම් එස් දෝනි, රෝහිත් ශර්මා සහ විරාට් කෝලි සමග මෙසී හමුවක් ද සූදානම් කර ඇති බව සඳහන්.

දෙසැම්බර් 15 වනදා ඉන්දීය අගමැති නරේන්ද්‍ර මෝදි සහ ලියොනල් මෙසී දෙදෙනා අතර විශේෂ සාකච්ඡාවක් පැවැත්වීමටද සැලසුම් කර තිබේ.