පැතුම් නිස්සංකගෙන් ශතකයක්


සංචාරක බංග්ලාදේශ කණ්ඩායම සහ ශ්‍රී ලංකා කණ්ඩායම අතර පැවැත්වෙන තරග දෙකකින් සමන්විත ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවැනි තරගයේ දෙවැනි දිනය අදයි.

පළමු ඉනිම ක්‍රීඩා කරන ශ්‍රී ලංකාව වෙනුවෙන් ආරම්භක පිතිකරු පැතුම් නිස්සංක ශතකයක් වාර්තා කළා.

ඒ සඳහා ඔහු පන්දු 167ක් වැය කළ අතර ඊට හතරේ පහර 12ක් අන්තර්ගත වුණා.

මෙය පැතුම් නිස්සංකගේ ටෙස්ට් දිවියේ සිව්වැනි ශතකයයි.

බංග්ලාදේශය ප්‍රථම ඉනිම ලෙස ලකුණු 247ක් රැස් කළ අතර, ඊට පිළිතුරු වශයෙන් ශ්‍රී ලංකා කණ්ඩායම කඩුලු 1ක් දැවී ලකුණු 201ක් ලබා ප්‍රබල ස්ථානයක පසු වනවා.