හිම මත පිපෙන්නට සිටි මල්වල පෙති ගුවනේදී කැඩී බිදී විසිරෙයි

 

හිම මත පිපෙන්නට සිටි මල්වල පෙති ගුවනේදී කැඩී බිදී විසිරෙයි 



ක්‍රීඩක ක්‍රීඩිකාවො, විචිටා හි පැවති එක්සත් ජනපද ෆිගර් ස්කේටිං ශූරතාවලියට අදාළව පැවති ජාතික සංවර්ධන කඳවුරෙන් ආපසු යමින් සිටියහ.ඒ සමහර අයගේ සිත් තුළ සමහර විට එළැඹෙන ශීත සෘතු ඔලිම්පික් තරගාවලිය ගැන ද බලාපොරොත්තු තිබෙන්නට ඇත.එහෙත් ඒ බලාපොරොත්තු පොළව මත පය ගසන්නට විනාඩි කිහිපයක් තිබියදී හුස්ම නැතුව නිරුපද්‍රිත විය.

වොෂිටන් හී සිඳු වූ ගුවන් අනතුර නිසා මඟී ජීවිත 67 ක් නැති වූ බව අපි දනිමු.එයින් වැඩි පිරිසක් එරට ජාතික මට්ටමේ තරග වඳින ෆිගර් ස්කේටිං සූර සූරියන්ය.

කළමනාකරුවෙකු පැවසුවේ ඔහුගේ සමීප උතුරු වර්ජිනියා ෆිගර් ස්කේටිං ප්‍රජාවට අනතුරෙන් සාමාජිකයින් 14 දෙනෙකු අහිමි වූ බවය.

සියල්ලෝම ක්‍රීඩාවට,ක්‍රීඩාවට සම්බන්ධ පවුල්වල සාමාජිකයන් යැයි කියන්නට නොහැකි වුව ද,බහුතරයක් මිය ගොස් ඇත්තේ ක්‍රීඩාව සමග සම්බන්ධ ජීවිතය.ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ සභාපති තෝමස් බැච් ජාත්‍යන්තර ඔලිම්පික් කමිටුවේ මෙන්ම තමාගේ ද ශෝකය ප්‍රකාශ කරමින් මේ ඛේදවාචකය ගැන කම්පාවට පත්වන්නේත්,ජීවිත අහිමි වූ පිරිස සම්බන්ධයෙන් කණගාටුව පල කරන්නේ ද එබැවින්ය.

ඈෂ්බර්න් අයිස් හවුස් සාමාන්‍යාධිකාරී රොබ් ලොරෙන්සන් මාධ්‍යයට ප්‍රකාශ කර ඇත්තේ සිය මධ්‍යස්ථානයේ දිගු වෙලාවක් පුහුණුවීම් කටයුත් කළ අයගේ අහිමි වීම ගැන බෙහෙවින් ශෝකයට පත්ව සිටිති.එම සහභාගිවීම් මෙන්ම එම ක්‍රීඩක පවුල් සමඟ තිබුණ සුවිශාල බැදීම සහ සුහදශීලී බව ද එම කළමණාතරු විසින් පෙන්වා දී ඇත.

මේ ආකාරයට ඇසෙන කතාවන් බොහෝය.හෙට ෆිගර් ස්කේටින් බිම් මත පිපෙන්නට තිබුණ බලාපොරොත්තු ගුවනේදීම විසිර බිදී කඳුළු ලෙස හැමදාම මතකයට නැඟෙමින් වොෂිංටන් පොළව මත අඳුරු වෘතාන්තයකට කරුණු ඉතිරි කර ඇත.හෙට බලන්නට සිටි තරු,ඊට පෙර බිදී දුක්බර මතක පමණක් හදවතේ ඉතිරි කර නික්ම ගොස් අවසන්ය.මේ මියගිය 67 ගැනම දුක තිබෙන බව,වේදනාවන් කොදෙව් ගත නොවී හිස් අවකාශය දීගේ පැමිණ ලෝකයම වෙළාගෙන ඇත.එහෙත් වැටෙන කඳුළුවලට ඒ සිරුරු යළි උණුසුම් නොවන බව අපි දනිමු.

නික්ම යන සියල්ලට ආදරණීය ආචාරය පුද කරමු!

ඡායාරූපයේ සිටින්නේ ජීවිතය අහිමි වූ 13 හැවිරිදි ජිනා හැන් ය

SOURCE: NMR (Journalist)