මන්දනාගේ සහයෙන් ඉන්දියාව ලංකාවට එරෙහිව වැඩිම ලකුණු ප්‍රමාණය ලබයි
සර්වෝ කුසලාන කාන්තා තුන්කොන් එක්දින තරගාවලියේ අවසාන තරගයේදී ඉන්දීය ආරම්භක පිතිකාරිණිය වන ස්ම්රීටී මන්දනා රැස් කළ සුපිරි අර්ධ ශතකය නිසා ඉන්දීය ඉණිම ලකුණු 342 ක් දක්වා ඉහළ නැංවිණි.
ඇය ලකුණු 22 ක් ලබා සිටියදී ලබා දුන් උඩ පන්දුව පියුමි වත්සලා අතින් ගිලිහී යාමෙන් ඇති වූ වාසිය උපරිමයෙන් ප්‍රයෝජනයට ගත් මන්දනා,පන්දු 101 දී ලකුණු 116 ලබා ගැනීමට සමත් විය.
ශ්‍රී ලංකාවට එරෙහිව එක්දින කාන්තා එක්දින තරගයකදී ඉන්දීය කණ්ඩායම ලබා ගත් වැඩිම ලකුණු ගණන වන්නේද මෙම ලකුණු ප්‍රමාණයයි.
Social Plugin